- ඊශ්වර නිර්මාණ වාදය පිළිගැනීම.
- වර්ණධර්ම මූලික කර ගැනීම.
- ස්වදර්ම වලට මුල් තැනක් ලබා දීම.
- විමුක්ති මාර්ගය ලෙස භක්ති මාර්ගය යොදා ගැනීම මේ සඳහා යාගය ආගමික පිළිවෙත ලෙස යොදා ගැනීම.
- කාන්තාව නිර්දය ලෙස විවේචනයට ලක් කිරීම.
- නිදහස් චින්තනය යටපත් කිරීම.
- කාම භෝගී ජීවිතයක් ගත කිරීම.
- බ්‍රහ්ම සහව්‍යතාවා අපේක්ෂා කිරීම.
Monday, June 1, 2020
බෞද්ධ ශිෂ්ටාචාරය කෙටිසටහන් 13
2 බ්‍රාහ්මණ සම්ප්‍රදායේ විශේෂතා
බෞද්ධ ශිෂ්ටාචාරය කෙටිසටහන් 12
ශ්‍රමණ හා බ්‍රාහ්මණ සංස්කෘතීන් අතර විශේෂතා
- ශ්‍රමණ සම්ප්‍රදාය තුළ දක්නට ඇති විශේෂතා
- අචේල,සචේල,පරිබ්‍රාජක,ජටිල යන පිරිස් මෙම සම්ප්‍රදායට අයත් වෙයි.
- ඔවුන්ගේ ලක්ෂණ කිහිපයක් දැකිය හැකිය.
- විශ්වය මැවූ (විශ්ව මාපක),විශ්වයේ ඇති කළ(විශ්ව කර්තෘ ),සියලු බලයන්ගෙන් යුත්(සර්ව බලධාරී ),සෑම තැනම අණසක පතුරුවා සිටීම (සර්ව ව්‍යාපී), ආදී නම් වලින් හැඳින්වූ ලෝකය මවන ලද ඊශ්වර පිළිබඳ මතය බැහැර කිරීම.
- බ්‍රාහ්මණයන් විසින් හඳුන්වා දෙන ලද භක්ති මාර්ගය වෙනුවට ඥාන මාර්ගය අනුගම කිරීම.
- බ්‍රහ්මචාරී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළහ.මිල මුදල් වතු පිටි භවභෝග රැස් කිරීම වෙනුවට අල්පේච්ඡ ජීවිතයක් ගත කළහ.
- සාම්ප්‍රදායික පිළිවෙත්වලට වඩා ස්වාධීන අදහස්වලට මුල් තැන ලබා දී ඇත.
- උදක පාරිශුද්ධිය විවේචනය විවේචනයට ලක්කොට ඇත.
- කාමසුඛල්ලිකානුයෝගය වෙනුවට අත්තකිලමථානුයෝගය අනුගමනය කොට ඇත.
- දාර්ශනික මතවාද රැසක් හඳුන්වා දී ඇත .ඒ අතර කර්මය,පුනර්භවය හා මෝක්ෂය වැනි ගැඹුරු සංකල්ප කෙරෙහි අවධානය යොමු වී ඇත.
- ශ්‍රමන සම්ප්‍රදාය බිහි වීම සිද්ධාර්ථ වැනි මහා ප්‍රාඥයන් බිහි වීමට හේතු සාධක වී ඇත.
බෞද්ධ ශිෂ්ටාචාරය කෙටිසටහන් 11
ෂට් ශාස්තෲ දර්ශනය
- දීඝ නිකායේ සාමඤ්ඤ ඵල සූත්‍රයට අනුව ප්‍රධාන ශාස්තෘවරුන් හයදෙනෙකු හමුවේ.
- පූර්ණ කස්සප
- මක්ඛලී ගෝසාල
- අජිත කේසකම්බල
- පකුධ කච්ඡායන
- සංජය බෙල්ලට්ඨිය පුත්ත
- නිඝණ්ඨනාත පුත්ත
පූර්ණ කස්සප
- මොහු අකිරියවාදීයෙකි.
- කුසල හෝ අකුසල කර්මවලට ප්‍රතිවිපාක නො මැති බව දක්වයි .
- සතුන් මැරීම,අන් සතු දේ ගැනීම,කාමය වරදවා හැසිරීම,බොරු කීම,රහමෙර පානය කිරීම තුළින් සිදුවන අකුසලය නොමැති බව දක්වයි.එසේ නොකිරීමෙන් සිදුවන කුසලයක් ද නොමැතිබව දක්වයි.
- තියුණු ආයුධයක් ගෙන මිනිසුන්ගේ අත් පා,කන් නාසාදී කපා ඝාතනය කළේ නමුත් ඉන් සිදුවන අකුසලයක් නැති බව දක්වයි.
- තියුණු අවියක් ගෙන ගංගා නම් ගඟේ උතුරු කෙළවරේ සිට දකුණු කෙළවර දක්වා යමින් හමුවන සෑම සත්වයකුම මරමින් මාරවමින් සිදුකරන ක්‍රියාවට කිසිදු අකුශලයක් නොමැති බව දක්වයි.
- එමෙන්ම දන් දෙන දන් දෙවන සිල් රකින සිල් රැකීම ට අනුබල දෙන භාවනා කරන භාවනා කිරීමට අනුබල දෙන කෙනෙක් හට ද සිදුවන කුසලයක් නො මැති බව ඔහුගේ ඉගැන්වීමයි.
- මෙසේ කුසල් හෝ අකුසල් හෝ හොඳ හෝ නරක හෝ ඔහුගේ ඉගැන්වීම් තුළ නොමැත.
- කර්මානුරූපීව විපාක දීමක් නොමැත.
- මොහුගේ ඉගැන්වීම් සදාචාරය සම්පන්න නොවන අතර පුද්ගලයා අකුසලය කරා ගමන් කිරීමට උපදෙස් ලබා දෙයි.
මක්ඛලී ගෝසාල
- මොහුගේ ඉගැන්වීම් නම්
- නියතිවාදය
- අහේතු අප්පච්චවාදය
- සංසාර ශුද්ධිවාදය
- අකිරිය වාදය
- පරිණාමවාදය
- දෛව වාදය
නියතිවාදය
- මෙයින් අදහස් වන්නේ ලෝකය හා සත්වයා සියල්ල පූර්වයේ සැලැස්මකට අනුව සකස් වී ඇති බවයි.
- මෙම නිශ්චිත සැලැස්ම කිසිම දෙවියෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ වෙනස් කළ නොහැකි බව ඔහුගේ ගැන්වීමයි.
- නියතිවාදය කොටස් තුනකට බෙදා ඇත .
- නියති
- සංගත
- ස්වභාව
- අධික ලෙස උත්සහවී කටයුතු කරන පුද්ගලයකු සාර්තකත්වයේ නොලබන්නේ නම් එය ඔහුගේ දුර්වල තාවයක් නොවන බවත් ඔහුගේ නියති සැකැස්ම එය බව දක්වයි.
- සංගති යන්නෙන් අදහස් කරන්නේ කරුණු රාශියක එකතු වීමෙන් බව පෙන්වා දෙයි.
- භව යනු ලොව පවත්නා සමහර දේවලට ස්වභාවික පැවැත්මක් ඇති බවයි.නිදසුනක් ලෙස මොනරකුගේ පිල් ඉතා ලස්සනය.ඒ කිසිවකුගේ මැවීමක් හෝ නිර්මාණයක් නොව ස්වභාවයෙන් ම දෙයකි.
අහේතු අපච්චවාදය
- සත්වයාගේ කෙලෙසීමට හෝ පාරිශුද්ධත්වයට හේතු ප්‍රත්‍ය නොමැති බව දක්වයි.
- ආත්ම විමුක්තිය උදෙසා කළ හැකි කිසිවක් නොමැත.
- දාන සීල භාවනා ආදි කිසිවකින් කිසිදු කුසලයක් සිදු නොවේ.
- සංසාර විමුක්තිය අහේතුකව ඉබේම සිදු වෙයි.
- මේ අනුව ඔහු අකිරිය වාදයක් ද ඉදිරිපත් කොට ඇත ප.
සංසාර ශුද්ධි වාදය
- සංසාර විමුක්තිය ස්වභාවයෙන්ම සිදුවන බව දක්වයි.
- සෑම සත්වයෙකුම මහා කල්ප 84000 සසර වාසය කළ යුතු යි.
- 146600 විවිධ යෝනිවල උපත ලැබිය යුතුයි.
- ප්‍රතිපත්ති 62කි
- අන්තඃකල්ප 62කි
- අභිජාති 6කි
- පුරුෂ භූමි 8 කි
- ජීවිකා වෘත්ති 48900කි
- ඉන්ද්‍රියයෝ දෙදහකි
- මෙම ලක්ෂණ උගත් නූගත් සියල්ලන්ටම එකසේ පොදුය.
දෛව වාදය
- හොඳ නරක සියල්ල දෛවය අනුව සිදුවන බව දක්වයි.
- සත්වයා ඒ වෙනුවෙන් කළ යුතු කිසිම දෙයක් නොමැත.
ඔහුගේ දර්ශනය බුදුරජාණන් වහන්සේගේ දැඩි විවේචනයට ලක්වී ඇත.ගංගාවක තබන ලද කෙමනක් මත්ස්‍යයන්ට අහිතකර වන්නේ ද ඒ අයුරි ම මොහුගේ ඉගැන්වීම් පුද්ගලයා විනාශය කරා රැගෙන යන බව බුදු රජාණන් වහන්සේ දක්වයි."මෝඝ පුරුෂ"(හිස් මිනිසා) නාමයෙන් මොහු හැඳින්වීමට බුදුරජාණන් වහන්සේ පෙළඹී ඇත.
පකුධ කච්ඡායනක
- මොහුගේ මූලික ඉගැන්වීම සප්ත පදාර්ථ පිළිබඳවයි
- පඨවී
- ආපෝ
- තේජෝ
- වාය
- සුඛ
- දුක්ඛ
- ජීව
- සියලු දෙනා මෙම පදාර්ථවලින් නිරමාණය වෙයි.
- මෙම පදාර්ථ නසන්නෙක් හෝ නසවන්නෙක් නොමැත.
- නිදසුනක් ලෙස තියුණු ආයුධයකින් කෙනෙකුගේ ගෙල සිඳින්නේ නම් එතන සිදුව ඇත්තේ ඝාතනයක් නොව සත්ත පදාර්ථ අතුරින් තියුණු ආයුධයක් ගමන් කිරීමයි.
- සත්වයා මැරීමට හෝ මැරවීමට නොහැකි ය.
- ආත්මය සදාකාලිකය.
- අවිපරිණාමීය.
- අවිනීෂ්වරය.
- ඒ බැවින් පදාර්ථ ද ආත්මය විනාශ නොවේ යන ඉගැන්වීම මත මොහු ආත්ම වාදියෙකු ද වෙයි.
- භෞතික වස්තූන් පිළිබඳව සාකච්ඡා කරන බැවින් භෞතිකවාදියෙකු ද වේ.
- බුදු දහම තුලින් මොහුගේ දර්ශනය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කොට ඇත.එයට හේතුව වන්නේ ය සත්වයා අපායගාමී වන්නට මොහුගේ දර්ශනයේ බලපාන බැවිනි.
අජිත කේශකම්බලී
- මොහුගේ මූලික ඉගැන්වීම් දස වස්තුක මිත්‍යාදෘෂ්ටියයි.
- උච්ඡේද වාදය
- භෞතිකවාදය
- අකිරිය වාදය
- නත්ථි දින්නං (දුන් දෙයෙහි විපාක නැත )
- නත්ථි යිට්ඨං (යාගයෙහි විපාක නැත )
- නත්ථි හුතං (හෝමයෙහි විපාක නැත )
- නත්ථි සුඛ දුක්ඛට කම්මානං ඵලං විපාකෝ (කුසලාකුසල කර්මයන්ට ඵල විපාක නැත )
- නත්ථි අයං ලෝකෝ (පරලොව සිටින්නවුන්ට මෙලොවක් නැත )
- නත්ථි පරෝ ලෝකෝ(පරලොව සිටින්නවුන්ට මෙලොවක් නැත.)
- නත්ථි මාතා (මවට උපකාර කිරීමෙන් විපාක නැත.)
- නත්ථි පිතා (පියාට උපකාර කිරීමෙන් විපාක නැත )
- නත්ථි සත්තා ඕපපාතිකා (ඕපපාතික සත්ත්වයෝ නැත)
- නත්ථි ලෝකේ සමණා බ්‍රාහ්මණා(යහපතේ ගිය මහණබමුණු කෙනෙක් නැත )
- සත්වයාගේ උපත සිදුවී ඇත්තේ සතර මහා භූතයන්ගේ එකතුවකින් බව ඔහුගේ ඉගැන්වීමයි .
- පඨවි,ආපෝ,තේජෝ,වායෝ යන භූත ධර්ම එම ඉගැන්වීම් ය.
- සත්වයා මිය ගිය පසු පඨවි කොටස් පඨවි ධාතුවට ද වැගිරෙන ගතිය ආපෝ ධාතුවද
- උණුසුම් ගතිය තේජෝ ධාතුවට ද
- වායු කොටස් වායෝ ධාතුවට ද
- මුදා හැරෙන බව ඔහුගේ ඉගැන්වීමක් ය.ඒ අනුව ඔහු භෞතිකවාදියෙකි.
- කරන ලද කුසලා කුසල කර්මයන් අළු ගොඩක් බවට පත්වෙයි.
- දන් දීම,සිල් රැකීම,භාවනා කිරීම නිරර්ථක ක්‍රියාවක් ලෙස සඳහන් කිරීමෙන්ඔහු අකිරියවාදීයෙකු ලෙස හැඳින්වෙයි.
- මරණින් මතු ආත්මයක් නැතැයි පැවසීමෙන් උච්ඡේද වාදියෙකු ලෙස හැඳින්වෙයි.
- යම්තාක් කල් ජීවත් වෙයිද ණයට හෝ ගිතෙල් අනුභව කළ යුතුයි.ඒ නැවත ආතමයක් නොමැති බැවිනි.
- මේ දර්ශනය ද බුදුරජාණන්වහන්සේගේ දෝෂදර්ශනයට ලක්ව ඇත.
නිගණ්ඨනාථපුත්ත
- ශඩ් ශාස්තෲන් අතරින් බෙහෙවින් ප්‍රචලිත වූයේ නිගණ්ඨනාථපුත්තයි.ඒ ඔහුගේ දර්ශනය බුදුදහමට සමාන්තරව තිබූ බැවිනි.එහෙත් මෙහිද අඩුලුහුඩුකම් ඇති බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත.
- මෙහෙම දහම හදුන්වා දී ඇත්තේ ජින නම් පුද්ගලයෙකු විසිනි.එබැවින් මේ ජෛන දහම ලෙස ද හඳුන්වයි.
- බුද්ධ කාලයේ වන විට ජෛන දහමේ ප්‍රධානියා වූයේ නිගණ්ඨනාථපුත්තයි.
- මොහුගේ ඉගැන්වීම් රාශියකි.
- පරම අවිහිංසාවාදය
- ආත්මවාදය
- ස්‍යත්වාදය(අනේකාන්ත වාදය)
- කර්ම වාදය
- පුබ්බේකත හේතු වාදය
- පදාර්ථ සංකල්පය
පරම අවිහිංසාවාදය
- සාමාන්‍ය සත්වයන්ට පමණක් නොව වෘක්ෂලතා,ගස්වැල් ආදියට ද ජීවයක් ඇතැයි ඔහු සළකයි.
- ජීවී අජීවී සියලු දේටම ඉන්ද්‍රියයන් ඇති බව ඔහුගේ දහමේ පැහැදිලි .
- ගස් ගල් බොරළු පර්වත වාතය ජලය ගින්න ඉන්ද්‍රිය එකක් ඇති සත්වයන් සේ සලකයි.
- ඉතා සියුම් ක්ෂුද්‍ර ජීවීන් ඉන්ද්‍රිය දෙකක් ඇති සත්ත්වයන් සලකයි.
- උකුණන් මකුනන් ආදිය ඉන්ද්‍රිය තුනක් ඇති සත්වයන් සේ සලකයි.
- මැස්සන් බඹරුන් ආදිය ඉන්ද්‍රිය හතරක් ඇති සත්වයන් සේ සලකයි.
- මනුස්සයන් ඉන්ද්‍රිය පහම ඇති සත්වයන් සේ සලකයි.
කර්ම වාදය
- කර්ම රැස්වන ද්වාර තුනක් නිගණ්ඨනාථපුත්ත පෙන්වාදෙයිත.
- කාය දණ්ඩ
- වචී දණ්ඩ
- මනෝ දණ්ඩ
මොකද දහමේ කම්ම යන වචනයට නිගණ්ඨනාථපුත්ත දණ්ඩ යන වචන භාවිත කර ඇත.
බුදු දහමේ චේතනාවට මුල් තැනක් දෙන අතර නිගණ්ඨනාථපුත්ත මුල්තැනක් ලබා දෙන්නේ කාය කර්මයන් වලට ය.
පුබ්බේකතහේතුවාදය
- ජෛන දායෙන් විශේෂ ඉගැන්වීමක් වන්නේ පෙර කරන ලද කර්ම ක්ෂය කිරීමයි.
- මේ සඳහා ඔවුන් ක්‍රම කිහිපයක් අනුගමනය කොට ඇත.
- අතීත කර්මය ක්ෂය කිරීමට අත්තකිලමතානු යෝගයත්
- වරතමාන කර්ම ක්ෂය කිරීමට චතුයාම සංවර ශීලයත් ඉදිරි පත් කොට ඇත.
- අත්තකිලමතානු යෝගයේදී අජවෘත,ගෝවෘත,සුනඛ වෘත අනුගමනය කොට ඇත.
- වර්තමාන කර්ම ක්ෂය කිරීමේ දී චතුයාම සංවර යක් ඉදිරිපත් කරයි.
- සබ්බ වාරි වාරිතෝ, ඇල්දිය පානයන්ගෙන් වැළකී සිටීම.
- සබ්බවාරියුතෝ,සියලු පාපයන්ගෙන් වැළකී සිටීම.
- සබ්බවාරි ධුතෝ,කරන ලද පව් සෝදා හැරීම.
- සබ්බවාරි ඵුඨෝ,කරන ලද පාප කර්ම ස්පර්ශ කර අවසන් කිරීම .
ආත්ම වාදය
- භවයෙන් භවයට ගමන් කරන ආත්මයක් ඇත යනු මොහුගේ ගැන්වීමයි.
- බුදු දහමේ චතුරාර්ය සත්‍යයට සමහර විමුක්ති මාර්ග ප්‍රතිපදාව ඔහු ඉදිරිපත් කරයි.
- ඤාණය
- ශ්‍රද්ධාව
- චාරිත්‍ර
- භාවනා
සදාචාර සම්පන්න සමාජයක් උදෙසා බුදු දහමට සමාන පංචශීල ප්‍රතිපදාවක් නිඝණ්ඨ දහම තුල ද අන්තර්ගත වෙයි.
- සත්ව ඝාතනයෙන් වැලකී සිටීම.
- සොරකම් කිරීමෙන් වැළකී සිටීම .
- බොරු කීමෙන් වැළකී සිටීම.
- ක්‍රෝධ නොකිරීම.
- මෙත් වැඩීම.
ජෛන දහමේ අන්තවාදී ඉගැන්වීම් ද දක්නට ඇත.තණ්හාව ක්ෂය කිරීමට නිර්වස්ත්‍රව සිටීම ඔවුන්ගේ පුරුද්දකි.
විමුක්තිය ලැබීමට අනුගමනය කළ යුතු ත්‍රිවිධ රත්නයක් පිළිබඳවද ජෛන දහමේ සඳහන්වේ
- සම්‍යග් විශ්වාස
- සම්‍යග් ඥාන
- සම්‍යග් ආත්ම පාලනය
යනුවෙනි.මේ අනුව බුදුදහමට යම් හෝ සමානකමක් ඇති එකම දහම වන්නේ ජෛන දහමයි.එහෙත් ඒ සම්පූර්ණ සමාන නොමැත.
සංජය බෙල්ලට්ඨිපුත්ත
- සාමඤ්ඤ ඵල සූත්‍රයට අනුව මොහුගේ මූලික දර්ශනය අමරාවික්ඛේපවාදයයි.
- එනම් ආඳෙකු මෙන් ලිස්සා යෑමයි.
- ප්‍රශ්නයක් ඇසූ විට ඔහු ලබාදෙන පිළිතුරු සතර ආකාරව දැකිය හැකිය.
- අස්ති(ඇත)
- නාස්ති (නැත )
- අස්තී ච නාස්තී ච(ඇත නැත)
- නෛවස්තී න නාස්ති (ඇත්තේ නැත නැත්තේ නැත)
Subscribe to:
Posts (Atom)