Monday, June 1, 2020

බෞද්ධ ශිෂ්ටාචාරය කෙටිසටහන් 12

ශ්‍රමණ හා බ්‍රාහ්මණ සංස්කෘතීන් අතර විශේෂතා
  1. ශ්‍රමණ සම්ප්‍රදාය තුළ දක්නට ඇති විශේෂතා 
  • අචේල,සචේල,පරිබ්‍රාජක,ජටිල යන පිරිස් මෙම සම්ප්‍රදායට අයත් වෙයි.
  • ඔවුන්ගේ ලක්ෂණ කිහිපයක් දැකිය හැකිය.
  1. විශ්වය මැවූ (විශ්ව මාපක),විශ්වයේ ඇති කළ(විශ්ව කර්තෘ ),සියලු බලයන්ගෙන් යුත්(සර්ව  බලධාරී ),සෑම තැනම අණසක පතුරුවා සිටීම (සර්ව ව්‍යාපී), ආදී නම් වලින් හැඳින්වූ ලෝකය මවන ලද ඊශ්වර පිළිබඳ මතය බැහැර කිරීම.
  2. බ්‍රාහ්මණයන් විසින් හඳුන්වා දෙන ලද භක්ති මාර්ගය වෙනුවට ඥාන මාර්ගය අනුගම කිරීම.
  3. බ්‍රහ්මචාරී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළහ.මිල මුදල් වතු පිටි භවභෝග රැස් කිරීම වෙනුවට අල්පේච්ඡ ජීවිතයක් ගත කළහ.
  4. සාම්ප්‍රදායික පිළිවෙත්වලට වඩා ස්වාධීන අදහස්වලට මුල් තැන ලබා දී ඇත.
  5. උදක පාරිශුද්ධිය විවේචනය විවේචනයට ලක්කොට ඇත.
  6.   කාමසුඛල්ලිකානුයෝගය වෙනුවට අත්තකිලමථානුයෝගය අනුගමනය කොට ඇත.
  7. දාර්ශනික මතවාද රැසක් හඳුන්වා දී ඇත .ඒ අතර කර්මය,පුනර්භවය හා මෝක්ෂය වැනි ගැඹුරු සංකල්ප කෙරෙහි අවධානය යොමු වී ඇත.
  8. ශ්‍රමන සම්ප්‍රදාය බිහි වීම සිද්ධාර්ථ වැනි මහා ප්‍රාඥයන් බිහි වීමට හේතු සාධක වී ඇත.

No comments:

Post a Comment