Saturday, May 30, 2020

බෞද්ධශිෂ්ටාචාරය කෙටිසටහන් 10

බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදාය 
  • ශ්‍රමණ සම්ප්‍රදාය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි.
  1. බෞද්ධ ශ්‍රමණයන්
  2. අන්‍යතීර්ථක ශ්‍රමණයන් 
  • තීර්ථක ශ්‍රමණයන් ප්‍රධාන කොටස් පහකි.
  1. තාපස
  2. පරිබ්‍රාජක 
  3. ආජීවක 
  4. තිත්ථිය
  5. නිඝණ්ඨ
  • මජ්ඣිම නිකායේ චූල සිහනාද සූත්‍රයට අනුව  බෞද්ධ හා බෞද්ධ නොවන ශ්‍රමණ කොටස් දෙකකි.
  • ජනතාව බෞද්ධ ශ්‍රමණය ගියේ සංවරශීලී ආචාරධර්ම දැකීමෙන් බලවත් ප්‍රසාදයට ලක්වී ඇත.
  •  චූළ සීහනාද සූත්‍රයේ අන්‍ය ශ්‍රමණයන් ඉදිරියේ සීහනාද කළ යුතු ආකාරය දක්වා ඇත.
ප්‍රථම ශ්‍රමණයාත් බුදුසසුනේමය.දෙවන ශ්‍රමණයාත් බුදුසසුනේමය.තෙවන ශ්‍රමණයාත් බුදුසසුනේමය.සිව්වන ශ්‍රමණයාත් බුදුසසුනේමය.අන්‍ය තීර්ථක ශ්‍රමණයෝ මෙම ශ්‍රමණ පිරිසට අයත් නො වෙති.
  • බෞද්ධ ශ්‍රමණයන්ගේ මූලික ප්‍රතිපදාව ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.
  • එමඟින් සෝවාන්, සකෘදාගාමි,අනාගාමී ,අර්හත් යන ප්‍රථම දෙවන තෙවන සිසිව්වන ශ්‍රමණයන් බෞද්ධ ශ්‍රමණයන් බව දක්වති.
  • බෞද්ධ ශ්‍රමණයන් ලෙස හැඳින්විය හැකි කොටස් 12කි.
  1. සෝවාන් මාර්ගලාභී පුද්ගලයා 
  2. සෝවාන් ඵලලාභී පුද්ගලයා 
  3. සෝවාන් වීම පිණිස විදසුන් වඩන පුද්ගලයා 
  4. සකෘදාගාමි මාර්ග ලාභී පුද්ගලයා 
  5. සකෘදාගාමී ඵලලාභී පුද්ගලයා 
  6. සකෘදාගාමි වීම පිණිස විදසුන් වඩන පුද්ගලයා 
  7. අනාගාමී පුද්ගලයා 
  8. අනාගාමී ඵලලාභී පුද්ගලයා
  9. අනාගාමී වීම පිණිස විදසුන් වඩන පුද්ගලයා 
  10. අර්හත් මාර්ගලාභී පුද්ගලයා 
  11. අර්හත් ඵලලාභී පුද්ගලයා 
  12. අර්හත් වීම පිණිස විදසුන් වඩන පුද්ගලයා 
  • මෙම ශ්‍රමණ පිරිස් වෙනත් ආත්ම භවයක උපත ලද නමුත් පංචශීල ප්‍රතිපදාව කඩ නොකරති.

No comments:

Post a Comment