- බ්‍රාහ්මණ සම්ප්‍රධායට ප්‍රතිවිරුද්ධව ශ්‍රමණ සම්ප්‍රදාය ගොඩ නැගුණි.
- භාරතයේ ප්‍රධාන ශ්‍රමණ කොටස් 05ක් හමුවෙයි.
- තාපස
- පරිබ්‍රාජක
- ජටිල
- ආජීවක
- "මුනි,යති" යන නම්වලින් තාපසයන් හදුන්වයි.
- සුත්ත නිපාතයේ හිරි සූත්‍ර අට්ඨ කථවට අනුව තාපසයන් කොටස් 08ක් හමුවෙයි.
- සපුත්ත භරියා (අඹුදරුවන් සමගින් ජීවත් වන තවුසන්)
- උඤ්ඡාචාරිකා(නගරාශ්‍රිතව ජීවත් වෙමින් ක්ෂත්‍රිය වංශිකයන්ට අධ්‍යාපනය ලබා දෙමින් කටයුතු කරන අතර මුදල් ලබා ගන්නේ නැත.ඔවුහු ගිතෙල් සහල් පිළිගත්හ.
- සම්පත්ත කාලිකා(ආහාර අනුභව කරන අවස්ථාවේ ලැබෙන දෙයක් පිළිගැනීම.)
- අනග්ගිපත්තිකා(ගින්නෙන් තැම්බූ ගෙඩි වර්ග කොළ වර්ග කොළ වර්ග අනුභව කිරීම)
- අස්ම මුට්ඨිකා(ගස්වල පොතු ආහාරයට ගැනීම.මෙහිදී ආයුධයක් භාවිත කරමින් ගස්වල පොතු ගලවති.මොවුහු පෙහෙවස් සමාදන් වී භාවනා කරති.)
- දන්තලුය්යකා(ගස්වල පොතු අනුභව කරමින් ජීවත් වෙති.මෙහිදී කිසිදු ආයුධයක් භාවිත නොකරයි.)
- පවත්ත එලිකා(ස්වයං ජාත විලක් හෝ වනයක් ඇසුරු කරයි.විලේ මල් හෝ වනයේ ගෙඩි අනුභව කරයි.)
- වන්ට මුත්තිකා(නටුවෙන් ගිලිහෙන කොළ පමණක් අනුභව කරති.අනෙක් තාපසයන්ට වඩා මොවුන් උසස් කොට සළකයි.)
තාපසයන් අනුගමනය කළ චතුරංග සමන්නාගත බ්‍රහ්මචර්යා නම්
- පරම තපෝගුණය
- පරම වෲක්ෂ වෘත
- පරම ජුගුප්සා වෘත
- පරම විවේක.
මොවුන් අනුගමනය කළ ආචාර විධි 59 ම.නි සීහනාද සූත්‍රයේ දැක්වෙයි.
- නිර්වස්ත්‍රව සිටීම,සිටගෙන මළ මුත්‍රා කිරීම,කෑම කා අත ලෙව කෑම.
- පළමුවෙන් දුන් භික්ෂාව නොපිළිගැනීම.
- තමන් උදෙසා සැකසූ භික්ෂාව නොනොපිළිගැනී.
- ගැබිනියක දුන් භික්ෂාව නොනොපිළිගැනීම.
- කිරිපොවන ස්ත්‍රියක දුන් භික්ෂාව නොනොපිළිගැනීම.
- මස් මාංශ අනුභව නොකිරීම.
- මත් පැන් පානය නොකිරීම.
- කුඩා ආහාර පාත්‍රයකින් හෝ දෙකකින් හෝ තුනකින් යැපීම.
- දිනක් හැර දිනක් ආහාර ගැනීම.
- දෙදිනක් හැර දිනක් ආහාර ගැනීම.
- සතියක් හැර දිනක් ආහාර ගැනීම.
- පුන්නක්කු,ගොම,අමුපලා,කුඩු,සෙවල අනුභව කිරීම.
- කේශ කම්බළ,අදුන් දිවිසම්,රෙදි කැබලි භාවිත කිරීම.
- කෙස් රවුළු උදුරා දැමීම.
- කටු ඇතිරිලි මත ඇවිදීම,නිදාගැනීම.
- උඩුකුරුව සිටීම,උක්කුටිකව සිටීම,පැන පැන යෑම.
පරිබ්‍රාජක සම්ප්‍රදාය
- පැවිද්ද ලැබීමට පෙර ත්‍රිවේදය හදාරා තිබිය යුතුයි.
- බ්‍රාහ්මණ වංශිකයන් ආදි විවිධ කුලවල අය පරිබ්‍රාජයන් ලෙස වාසය කොට ඇත.
- .අංගුත්තර නිකායේ බ්‍රාහ්මණ වග්ගයේ පරිබ්‍රාජක සූත්‍රයෙන් බ්‍රාහ්මණ පරිශීලකයන් ගැන විස්තර වෙයි.
- පරිබ්‍රාජකයන්ගේ මූලික දර්ශනයක් නැත.
- සත්‍ය ගවේසීව ශ්‍රියා කළ පිරිසකි.
- පිණ්ඩපාතයෙන් භික්ෂාව සොයාගත්හ.
- විවිධ ආගමිකයන් සමග වාද විවාද කරමින් සත්‍ය සෙවූහ.
- පියලී ගත හැකි දහමක් හමුවූ විට එතෙක් පිළිගත් දර්ශනය හැර දමයි.
- කෝලිත උපතිස්ස යනු එසේ නව දහමක් වන බුදු දහ පිළිගත් දෙදෙකි.
- ධම්මපදට්ඨ කථාවේ අග්ග සාවක ඔව් වස්තුවට අනුව පරිබ්‍රාජක යනු සංචාරක පිරිසකි.
- දීඝ නිකායේ පොට්ඨපාද සූත්‍රයේ පොට්ඨපාද නම් පරිබ්‍රාජකයා ආරාමික ජීවිතයක් ගතකළ අයෙකි.
- ඔහු ජීවත් වුයේ මල්ලිකා දේවිය කරන ලද "ඒකසාලක"නම් විහාරයේ ය.
- ඇතැම් පරිබ්‍රාජකයන් විශාල පිරිසක් සහිතව වාසය කළ බව දීඝ නිකායේ පොට්ඨපාද සූත්‍රයේ සඳහාන් වෙයි.පොට්ඨපාද පරිබ්‍රාජකයාට පිරිස 300 ක් සිටි බව එහි සඳහන් වෙයි.
- උදුම්බරික සීහනාද සූත්‍රයට අනුව 300 ක් පිරිස නිග්‍රෝධ නම් පරිබ්‍රාජකයාට සිටිබව සඳහාන් වෙයි.
- සුමංගල විලාසිනියට අනුව ඇතැම් පරිබ්‍රාජකයන් නග්නව(නිර්වස්ත්‍රව) සිටි බව සඳහන් වෙයි."අචේලකාති නාග්ග පරිබ්බාජකා"
- සංයුත්ත නිකායේ කෝසලොස් සංයුක්තයේ සඳහන් වන පරිදි
- කොසොල් රජතුමා තමන්ගේ සැබෑ තතු දැනගැනීමට පරිබ්‍රාකයන් සංචාරයේ යෙද වූ බව සඳහන් වෙයි.
- පරිබ්‍රාජකයන් මෙන්ම පරිබ්‍රාජිකාවන් සිටි බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි.බුදුරදුන්ට නිග්‍රහ කළ සුන්දරී නම් කාන්තාව පරිබ්‍රාජිකාවකි.
- මේ අනුව පරිබ්‍රාජක යනු භාරතයේ විසූ ශ්‍රමණ පිරිසක් බව සඳහන් කළ හැකිය.
ජටිල සම්ප්‍රදාය
- "ජටා ධාරිතාය ඉධ ජටිලාති උත්තා"
- ඔවුන් සතු විශේෂ ලක්ෂණ නම්
- ජටාවක් දැරීමයි .
- අඳුන් දිවිසමක් භාවිත කිරීම.
- ගිනි පිදීම.
- ජලාශ්‍රිතව ජීවත් වීම.
- රහත් බව පිළිගැනීම.
- බ්‍රහ්මචාරී වීම.
බෞද්ධ සාහිත්‍යයේ ප්‍රධාන ජටිලයන් තිදෙනෙකු පිළිබඳව සාකච්ඡා කරයි එනම්
- උරුවෙල් කාශ්‍යප(පිරිස පන්සියයයි)
- නදී කාෂ්‍යප (පිරිස තුන්සියයකි )
- ගයා කාෂ්‍යප (පිරිස දෙසීයකි)
- මෙම ජටිල පිරිස ශීත ඍතුවේ පවා ජලයේ කිමිදීමෙන් පව් සෝදා හැරීමට කටයුතු කරති.
- එම ජටිල පිරිස බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදිවූහ.
- ධම්ම පදයේ දැක්වෙන පරිදි "අජින සාටියා"යනුවෙන් ජටිලයන් අඳුන් දිවි සම් භාවිත කළ බව දැක්වෙයි.
- මහාවග්ග පාලියට අනුව උරුවෙල් කාෂ්‍යප සූදානම් වූ යාගයකට අඟු මගධ වාසී ආහාර රැගෙන පැමිණි බව සඳහන් වෙයි.
- ම.නි.චූල අස්සපුර සූත්‍රයේ ද ජටිලයන් පිළිබඳ සඳහන් වෙයි.
ආජීවක සම්ප්‍රදාය
- මේ පිරිස ද ශ්‍රමණ සම්ප්‍රදායට අයත් කොටසකි.
- මොවුන් විමුක්තිය ලෙස සලකන ලද්දේ"අනන්ත මානස" හෙවත් ආසඤ්ඤීභාවයයි.
- ජීවිත පැවැත්ම සඳහා පැවිදි ජීවිතයක් ගතකරයි.
- "ආජීවකාති නග්න සමණා" යනුවෙන් නිර්වස්ත්‍රව වාසය කළ පිරිසකි.
- ඇතැම් පිරිස් ආජීවකයන් තම නිවෙස්වල දරුවකු ලෙස තබාගෙන ඇත.දියණියන් සමඟ රහසිගත ඇසුරට ද අවසර ලබාදී ඇත.
- ආජීවකයෝ විවිධ පිළිවෙත් අනුගමනය කළහ.
- ඇතමෙක් උග්‍ර තපස් ක්‍රම ගරුකළහ.
- උණ ලීයක් හෝ සැරටියක් අතැතිව සැරිසරන පිරිසකි.
- හිස මුඩුකොට පිණ්ඩපාතයෙන් යැපෙයි.
- නග්නව(නිර්වස්ත්‍රව)හිස මුඩුකොට පිණ්ඩපාතයෙන් යැපෙන පිරිසකි.
- ආජීවකයන් තිදණ්ඩ නමින් භාණ්ඩ තුනක් භාවිත කොට ඇත.
- අං.නි.පඤ්චක නිපාතයේ නිගණ්ඨ,බුඩ්ඪසාවක,තේදණ්ඩික යන නම්වලින් හඳුන්වා ඇත.
- බෞද්ධ මෙන්ම ජෛන ග්‍රන්ථවල ආජීවකයන් ගැන සඳහන් වෙයි.
- මක්ඛලීගෝසාල මෙම සම්ප්‍රදායේ ආරම්භකයා ලෙස සැළකෙයි.
- ආජීවක කණ්ඩායම් කිහිපයක් සිටිබව ඖපපාතික සූත්‍රයේ දැක්වෙයි.
- දුගරන්තරිය(ගෙවල් දෙකක් හැර තුන්වන ගෙදරින් සිඟමන් ලබාග්න්නා තැනත්තා )
- තිඝරන්තරිය(ගෙවල් තුනක් හැර සිව්වන ගෙයින් පිඬු සිගන්නා)
- සත්තඝරන්තරිය(ගෙවල් හතරක් හැර අටවන ගෙයින් පිඬු සිගන්නා)
- උප්පලඛණ්ටිය(නෙළුම් කොළයකින් පිඬු සිගන්නා)
- ඝර සමුදානිය(සෑම ගෙයකින්ම පිඬු සිගන්නා )
- විජ්ජු අන්තරිය(විදුලි එළිය ඇතිවිට පිඬු සිගන්නා)
No comments:
Post a Comment