Saturday, May 30, 2020

බෞද්ධශිෂ්ටාචාරය කෙටිසටහන් 9

ශ්‍රමණ ගුරුකුල
  • බ්‍රාහ්මණ සම්ප්‍රධායට ප්‍රතිවිරුද්ධව ශ්‍රමණ සම්ප්‍රදාය ගොඩ නැගුණි.
  • භාරතයේ ප්‍රධාන ශ්‍රමණ කොටස් 05ක් හමුවෙයි.
  1. තාපස
  2. පරිබ්‍රාජක
  3. ජටිල
  4. ආජීවක
තාපස සම්ප්‍රදාය 
  • "මුනි,යති" යන නම්වලින් තාපසයන් හදුන්වයි.
  • සුත්ත නිපාතයේ හිරි සූත්‍ර අට්ඨ කථවට අනුව තාපසයන් කොටස් 08ක් හමුවෙයි.
  1. සපුත්ත භරියා (අඹුදරුවන් සමගින් ජීවත් වන තවුසන්)
  2. උඤ්ඡාචාරිකා(නගරාශ්‍රිතව ජීවත් වෙමින් ක්ෂත්‍රිය වංශිකයන්ට අධ්‍යාපනය ලබා දෙමින් කටයුතු කරන අතර මුදල් ලබා ගන්නේ නැත.ඔවුහු ගිතෙල් සහල් පිළිගත්හ.
  3. සම්පත්ත කාලිකා(ආහාර අනුභව කරන අවස්ථාවේ ලැබෙන දෙයක් පිළිගැනීම.)
  4. අනග්ගිපත්තිකා(ගින්නෙන් තැම්බූ ගෙඩි වර්ග කොළ වර්ග කොළ වර්ග අනුභව කිරීම)
  5. අස්ම මුට්ඨිකා(ගස්වල පොතු ආහාරයට ගැනීම.මෙහිදී ආයුධයක් භාවිත කරමින් ගස්වල පොතු ගලවති.මොවුහු පෙහෙවස් සමාදන් වී භාවනා කරති.)
  6. දන්තලුය්යකා(ගස්වල පොතු අනුභව කරමින් ජීවත් වෙති.මෙහිදී කිසිදු ආයුධයක් භාවිත නොකරයි.)
  7. පවත්ත එලිකා(ස්වයං ජාත විලක් හෝ වනයක් ඇසුරු කරයි.විලේ මල් හෝ වනයේ ගෙඩි අනුභව කරයි.)
  8. වන්ට මුත්තිකා(නටුවෙන් ගිලිහෙන කොළ පමණක් අනුභව කරති.අනෙක් තාපසයන්ට වඩා මොවුන් උසස් කොට සළකයි.)
තාපසයන් අනුගමනය කළ චතුරංග සමන්නාගත බ්‍රහ්මචර්යා නම්
  1. පරම තපෝගුණය
  2. පරම වෲක්ෂ වෘත
  3. පරම ජුගුප්සා වෘත
  4. පරම විවේක.
මොවුන් අනුගමනය කළ ආචාර විධි 59 ම.නි සීහනාද සූත්‍රයේ දැක්වෙයි.

  1. නිර්වස්ත්‍රව සිටීම,සිටගෙන මළ මුත්‍රා කිරීම,කෑම කා අත ලෙව කෑම.
  2. පළමුවෙන් දුන් භික්ෂාව නොපිළිගැනීම.
  3. තමන් උදෙසා සැකසූ භික්ෂාව නොනොපිළිගැනී.
  4. ගැබිනියක දුන් භික්ෂාව නොනොපිළිගැනීම.
  5. කිරිපොවන ස්ත්‍රියක දුන් භික්ෂාව නොනොපිළිගැනීම.
  6. මස් මාංශ අනුභව නොකිරීම.
  7. මත් පැන් පානය නොකිරීම.
  8. කුඩා ආහාර පාත්‍රයකින් හෝ දෙකකින් හෝ තුනකින් යැපීම.
  9. දිනක් හැර දිනක් ආහාර ගැනීම.
  10. දෙදිනක් හැර දිනක් ආහාර ගැනීම.
  11. සතියක් හැර දිනක් ආහාර ගැනීම.
  12. පුන්නක්කු,ගොම,අමුපලා,කුඩු,සෙවල අනුභව කිරීම.
  13. කේශ කම්බළ,අදුන් දිවිසම්,රෙදි කැබලි භාවිත කිරීම.
  14. කෙස් රවුළු උදුරා දැමීම.
  15. කටු ඇතිරිලි මත ඇවිදීම,නිදාගැනීම.
  16. උඩුකුරුව සිටීම,උක්කුටිකව සිටීම,පැන පැන යෑම.
පරිබ්‍රාජක සම්ප්‍රදාය 
  • පැවිද්ද ලැබීමට පෙර ත්‍රිවේදය හදාරා තිබිය යුතුයි.
  • බ්‍රාහ්මණ වංශිකයන් ආදි විවිධ කුලවල අය පරිබ්‍රාජයන් ලෙස වාසය කොට ඇත.
  • .අංගුත්තර නිකායේ  බ්‍රාහ්මණ වග්ගයේ පරිබ්‍රාජක සූත්‍රයෙන්  බ්‍රාහ්මණ පරිශීලකයන් ගැන විස්තර වෙයි.
  • පරිබ්‍රාජකයන්ගේ මූලික දර්ශනයක් නැත.
  •  සත්‍ය ගවේසීව ශ්‍රියා කළ පිරිසකි.
  • පිණ්ඩපාතයෙන් භික්ෂාව  සොයාගත්හ.
  • විවිධ ආගමිකයන් සමග වාද විවාද කරමින් සත්‍ය සෙවූහ.
  • පියලී ගත හැකි  දහමක් හමුවූ විට එතෙක් පිළිගත් දර්ශනය හැර දමයි.
  • කෝලිත උපතිස්ස යනු එසේ නව දහමක් වන බුදු දහ  පිළිගත් දෙදෙකි.
  • ධම්මපදට්ඨ කථාවේ අග්ග සාවක ඔව් වස්තුවට අනුව පරිබ්‍රාජක යනු සංචාරක පිරිසකි.
  • දීඝ නිකායේ පොට්ඨපාද සූත්‍රයේ පොට්ඨපාද නම් පරිබ්‍රාජකයා  ආරාමික ජීවිතයක් ගතකළ අයෙකි.
  • ඔහු ජීවත් වුයේ මල්ලිකා දේවිය කරන ලද "ඒකසාලක"නම් විහාරයේ ය.
  • ඇතැම්  පරිබ්‍රාජකයන් විශාල පිරිසක් සහිතව වාසය කළ බව දීඝ නිකායේ පොට්ඨපාද සූත්‍රයේ සඳහාන් වෙයි.පොට්ඨපාද පරිබ්‍රාජකයාට පිරිස 300 ක් සිටි බව එහි සඳහන් වෙයි.
  • උදුම්බරික සීහනාද සූත්‍රයට අනුව 300 ක් පිරිස නිග්‍රෝධ නම් පරිබ්‍රාජකයාට සිටිබව  සඳහාන් වෙයි.
  • සුමංගල විලාසිනියට අනුව ඇතැම් පරිබ්‍රාජකයන් නග්නව(නිර්වස්ත්‍රව) සිටි බව සඳහන් වෙයි."අචේලකාති නාග්ග පරිබ්බාජකා"
  • සංයුත්ත නිකායේ කෝසලොස් සංයුක්තයේ  සඳහන් වන පරිදි 
  • කොසොල් රජතුමා තමන්ගේ සැබෑ තතු දැනගැනීමට පරිබ්‍රාකයන් සංචාරයේ යෙද වූ බව සඳහන් වෙයි.
  • පරිබ්‍රාජකයන් මෙන්ම පරිබ්‍රාජිකාවන් සිටි බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි.බුදුරදුන්ට නිග්‍රහ කළ සුන්දරී නම්   කාන්තාව පරිබ්‍රාජිකාවකි.
  • මේ අනුව  පරිබ්‍රාජක යනු භාරතයේ විසූ ශ්‍රමණ පිරිසක් බව සඳහන් කළ හැකිය.
ජටිල සම්ප්‍රදාය 
  • "ජටා ධාරිතාය ඉධ ජටිලාති උත්තා"
  • ඔවුන් සතු විශේෂ ලක්ෂණ නම් 
  • ජටාවක් දැරීමයි .
  • අඳුන් දිවිසමක් භාවිත කිරීම.
  • ගිනි පිදීම.
  • ජලාශ්‍රිතව ජීවත් වීම.
  • රහත් බව පිළිගැනීම.
  • බ්‍රහ්මචාරී වීම.
බෞද්ධ සාහිත්‍යයේ ප්‍රධාන ජටිලයන් තිදෙනෙකු පිළිබඳව සාකච්ඡා කරයි එනම් 
  • උරුවෙල් කාශ්‍යප(පිරිස පන්සියයයි)
  • නදී කාෂ්‍යප (පිරිස තුන්සියයකි )
  • ගයා කාෂ්‍යප (පිරිස දෙසීයකි)
  • මෙම ජටිල පිරිස ශීත ඍතුවේ පවා ජලයේ කිමිදීමෙන් පව් සෝදා හැරීමට කටයුතු කරති.
  • එම ජටිල පිරිස බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදිවූහ.
  • ධම්ම පදයේ දැක්වෙන පරිදි "අජින සාටියා"යනුවෙන් ජටිලයන් අඳුන් දිවි සම් භාවිත කළ බව දැක්වෙයි.
  • මහාවග්ග පාලියට අනුව උරුවෙල් කාෂ්‍යප සූදානම් වූ යාගයකට අඟු මගධ වාසී ආහාර රැගෙන පැමිණි බව සඳහන් වෙයි.
  • ම.නි.චූල අස්සපුර සූත්‍රයේ ද ජටිලයන් පිළිබඳ සඳහන් වෙයි.
ආජීවක සම්ප්‍රදාය 
  • මේ පිරිස ද ශ්‍රමණ සම්ප්‍රදායට අයත් කොටසකි.
  • මොවුන් විමුක්තිය ලෙස සලකන ලද්දේ"අනන්ත මානස" හෙවත් ආසඤ්ඤීභාවයයි.
  • ජීවිත පැවැත්ම සඳහා පැවිදි ජීවිතයක් ගතකරයි.
  • "ආජීවකාති නග්න සමණා" යනුවෙන් නිර්වස්ත්‍රව වාසය කළ පිරිසකි.
  • ඇතැම් පිරිස් ආජීවකයන් තම නිවෙස්වල දරුවකු ලෙස තබාගෙන ඇත.දියණියන් සමඟ රහසිගත ඇසුරට ද අවසර ලබාදී ඇත.
  • ආජීවකයෝ විවිධ පිළිවෙත් අනුගමනය කළහ.
  • ඇතමෙක් උග්‍ර තපස් ක්‍රම ගරුකළහ.
  • උණ ලීයක් හෝ සැරටියක් අතැතිව සැරිසරන පිරිසකි.
  • හිස මුඩුකොට පිණ්ඩපාතයෙන් යැපෙයි.
  • නග්නව(නිර්වස්ත්‍රව)හිස මුඩුකොට පිණ්ඩපාතයෙන් යැපෙන පිරිසකි.
  • ආජීවකයන් තිදණ්ඩ නමින් භාණ්ඩ තුනක් භාවිත කොට ඇත.
  • අං.නි.පඤ්චක නිපාතයේ නිගණ්ඨ,බුඩ්ඪසාවක,තේදණ්ඩික යන නම්වලින් හඳුන්වා ඇත.
  • බෞද්ධ මෙන්ම  ජෛන ග්‍රන්ථවල ආජීවකයන් ගැන සඳහන් වෙයි.
  • මක්ඛලීගෝසාල මෙම සම්ප්‍රදායේ ආරම්භකයා ලෙස සැළකෙයි.
  • ආජීවක කණ්ඩායම් කිහිපයක් සිටිබව ඖපපාතික සූත්‍රයේ දැක්වෙයි.
  1. දුගරන්තරිය(ගෙවල් දෙකක් හැර තුන්වන ගෙදරින් සිඟමන් ලබාග්න්නා තැනත්තා )
  2. තිඝරන්තරිය(ගෙවල් තුනක් හැර සිව්වන ගෙයින් පිඬු සිගන්නා)
  3. සත්තඝරන්තරිය(ගෙවල් හතරක් හැර අටවන ගෙයින් පිඬු සිගන්නා)
  4. උප්පලඛණ්ටිය(නෙළුම් කොළයකින් පිඬු සිගන්නා)
  5. ඝර සමුදානිය(සෑම ගෙයකින්ම පිඬු සිගන්නා )
  6. විජ්ජු අන්තරිය(විදුලි එළිය ඇතිවිට පිඬු සිගන්නා)

No comments:

Post a Comment