Sunday, May 24, 2020

බෞද්ධ ශිෂ්ටාචාරය කෙටිසටහන් 3


  • ත්‍රිවේදය 
  1. ඍග්වේදය 
  2. යජුර් වේදය 
  3. සාමවේදය
  • ත්‍රිවේදයේ ඉගෙනගැනීමේදී
  1. ත්‍රිවේදයේ ඇතුළත් වේද පාඨ ළයාන්විතව ගායනා කිරීම බමුණන්ගේ පිළිවෙතයි
  2. වේද පාඨ ගායනා කිරීම,කටපාඩම් කිරීම,ධාරණය කරගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි.
  3. වේද පාඨ ගායනා කිරීමෙන් මහා බ්‍රහ්මයාගේ ආශිර්වාදය ලැබීමෙන් සිතන පතන දේ ලබාගත හැකි බව බමුණන්ගේ මතයයි.
  4. "භාසිත මනුභාසන්ති"- බමුණන්ට අනුව අනුගාමිකයෝ ගායනා කරති.
  5. "වාචිත මනුවාචන්ති "- බමුණන්ට අනුව අනුගාමිකයෝ කියති
  6. ත්‍රිවේදයේ ඇතුළත් වේද පාඨ පරම පූජනීය බැවින් ඒවා අද්‍යයනය කළ හැකි වන්නේ උසස් කුලවල අයට පමණි.
  7. අනාර්යයන්‍ට වේද පාඨ ගායනා කිරීම,ඇසීම,ඉගෙනීම සම්පූර්ණ තහනම් විය.
  • උදක පාරිශුද්ධිය 
  1. ජලයෙන් පවිත්‍ර වීම උදක පාරිශුද්ධිය නම්වෙයි.
  2. ජලයේ කිමිදීමෙන් කළ පව් සේදීම බමුණෝ අපේක්ෂා කළහ.
  3. උදේ හා සවස යනුවෙන් දිනකට දෙවරක් මෙසේ ජලයේ කිමිදෙයි.

No comments:

Post a Comment