Wednesday, May 27, 2020

බෞද්ධශිෂ්ටාචාරය කෙටිසටහන් 7

  • කාන්තාව පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීම්
  • බ්‍රාහ්මණ සමාජයේ කාන්තාව පහත් තැනැත්තියක ලෙස හැදින්වීම.
  • තම බලය එක ලෙසම පවත්වාගෙන යෑමට බමුණන් කාතාවගේ වරප්‍රසාද අහිමි කර තිබේ.
  • ඒ සඳහා ප්‍රධානම හේතුව වුයේ පූර්ව වෛදික යුගයේ කාන්තාව දේවත්වයෙන් සැළකීමයි.
  • බමුණන්ගේ ගෞරවය පවත්වාගෙන යෑමට කාන්තාව බාධාවක් වීම
  • එබැවින් ඇය චපල,අදූරදර්ශි,අපිරිසිදු තැනැත්තියක ලෙස හැඳින්වීම.

  • පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් වන අධ්‍යාපනය,ආගම,ආර්ථිකය,සමාජීය අංශය යන සෑම අංගයක්ම කාන්තාවට අහිමිවිය.
  • පූජාව පවත්වන ස්ථානයට ඇතුල්වීමද කාන්තාවට තහනම් විය.
  • කාන්තාව යනු අඳබාල තැනැතියක ලෙස හඳුන්වා ඇත."ද්වංගුල පඤ්ඤා"යනුවෙන් හඳුන්වා ඇත.
අර්ථවන් වේදයේ හා සාම වේදයේ පුත්‍රයන් ලබාගැනීම සඳහා වෙනම මන්ත්‍ර අන්තර්ගත වෙයි.එයින්ද කාන්තා උපතක් පවා ප්‍රතික්ෂේප කොට ඇත.

          කාන්තාව සිය ජීවිතය ගත කරන්නේ                    සිරකාරියක් ලෙසය.
බාල්‍යේ පිතුර්වශේ තිෂ්ඨේත්
ප්‍රාණි  ග්‍රාහස්‍ය යෞවණේ
පුත්‍රාණාං භර්තරී ප්‍රේතේ
න භජේත් ස්ත්‍රී ස්වතන්ත්‍රතාම්
  • කුඩාකල දෙමව් පියන් යටතේද
  • තරුණ කාලයේ ස්වාමියා යටතේද
  • වයසට ගිය පසු වැඩිමහල් දරුවා යටතේද්
  • කාන්තාවට ස්වතන්ත්‍ර භාවයක් 
ස්ථානං නාස්ති ක්ෂණං නාස්ති
නාස්ති ප්‍රාර්ථයිතා ජනඃ
තේන නාරද නාරීනං
ස්ත්‍රීත්ව මුප ජායතේ
  • කාන්තාවට නියමිත තැනක් නැත.
  • නියමිත වේලවක් නැත.
  • නියමිත පුරුෂයෙක්ද නැත.
  • මේ නිසා කාන්තාවට පතිවෘතාවක්ද නැත.
යනුවෙන් විවේචනය කොට ඇත.

ඖදුම්බර භවං පුෂ්පං
ශ්වේත වර්ණං ච කාකයෝඃ
මත්ස්‍ය පාදං ජලේ පශ්‍යෙ
ස්ත්‍රී වාක්‍යං න විශ්වසේත්
  • අට්ටික්කා ගස්වල මල් නැත
  • පාද සහිත මාළුවෝ ද නැත.
  • කවුරු හෝ ඒවා ඇතැයි සඳහන් කරන්නේ නම් පිළිගන්න.
එහෙත් ස්ත්‍රීන් විශ්වාස නොකරන්න
මුඛ පද්ම දලාකාරං
වාචා චන්දන සීතලං
මධු තිෂ්ඨති ජිහ්වාග්‍රේ
හෘදයේසු හලාහලං
  • ස්ත්‍රීන්ගේ මුහුණ මලක් මෙන් සියුමැලි ය.
  • වචන සඳුන් මෙන් සීතලය.
  • දිව අග මී පැණිය.
  • එහෙත් හදවත පිරී තිබෙන්නේ හළාහළ නම් විෂ සහිතවය.යනුවෙන් කාන්තාව ස්මාජයෙන් ප්‍රතික්ෂේප කොට ඇත.
තම සැමියා කෙතරම් කෲර වුවද ඒ සියලු දේ කාන්තාව විඳ දරාගත යුතුය.
  • භාරතය තුළ බහු භාර්යා ක්‍රමය ක්‍රියාත්මක වී ඇත.
  • ස්ත්‍රීන්ට බහු පුරුෂ සේවනය තහන්ම් ය.
පුරුෂයාගේ වයසෙන් තුනෙන් එකක් තරම් වයසින් අඩු කාන්තාවක් විවහා කර ගැනීමට බ්‍රාහ්මණ සමාජයේ පුරුෂයන්ට බාධාවක් නොවේ.
ඉහත කරුණු තුළින් බ්‍රාහ්මණ සමාජයේ කාන්තාවට හිමිව තිබූ ස්ථානය පැහැදිලිය.

No comments:

Post a Comment