Wednesday, May 27, 2020

බෞද්ධශිෂ්ටාචාරය කෙටිසටහන් 6

ස්වධර්ම පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්

  • ස්වධර්ම යනුවෙන් අදහස් වන්නේ ඒ ඒ කුලයන්ට අයත් යුතුකම් ය.
  • බමුණන්ගේ ස්වධර්ම තුළ දක්ෂතාවයට තැනක් හිමි නොවේ.
  • අඩුපාඩු සහිතව වුවද තමන්ට හිමි කාර්යයේ නියැලීම අගයකොට සළකා ඇත.
  • බෞද්ධ පිළිවෙත වන්නේ සුදුසු පුද්ගලයාට දක්ෂතාව අනුව අවස්ථාව ලබාදීමයි.
  • අං.නි.ඒතදග්ගපාලියේ ඒ බව සඳහන් වෙයි.
  • තනතුරු ප්‍රදානයේදී ඒ බව පැහැදිලි වෙයි.
  1. කොණ්ඩඤ්ඤ තෙරණුන් -චිරරාත්‍රඥ භික්ෂූන් අතරින් අග්‍ර විය
  2. සැරියුත් තෙරණුන් - මහා ප්‍රාඥයන් අතරින් අග්‍ර විය.
  3. මුගලන් තෙරණුන්- ඍද්ධිමතුන් අතරින් අග්‍ර විය.
  4. මහා කස්සප තෙරණුන්-ධුතාංගධාරීන් අතරින් අග්‍ර
  5. මෙලෙස තනතුරු ප්‍රදානය කොට ඇත්තේ කුලය පිළිබඳ සිතා නොවීම තුළින් බමුණන්ගේ ස්වධර්ම එකහෙළා ප්‍රතික්ෂේප කොට ඇත. 
  6. පුද්ගලයාගේ දක්ෂතාව මත උසස් පහත් බව තීරණය කිරීම බෞද්ධ පිළිවෙතයි.
  7. වසල සූත්‍රය තුළ පුද්ගලයෙකු උසස් හෝ පහත් වන ආකාරය පෙන්වාදෙයි.
  • මේ අනුව පැහැදිලි වන්නේ බුදු දහමේ ඒ කටයුතුවලට පත්කොට ඇත්තේ ඒ ඒ හැකියාවන් ඇති පුද්ගලයන්ය.


No comments:

Post a Comment