- කාන්තාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්
- භික්ෂුණියක වශයෙන්
- මවක වශයෙන්
- ගෘහණියක වශයෙන්
- උපාසිකාවක වශයෙන්
කාන්තාව භික්ෂුණියක ලද නිදහස
- මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500කට අෂ්ඨ ගරු ධර්ම ඉදිරිපත් කරමින් උසස් ම ස්ථානයක් වන පැවිද්ද ලබා දීම.
- තනතුරු ප්‍රදානය කිරීමේදී භිෂූන්ට මෙන්ම භික්ෂුණීන්ටද දක්ෂතාව මත තනතුරු ප්‍රදානය කිරීම.
- භික්ෂුණීන් අතරින් දක්ෂ දේශිකාවක,ප්‍රසිද්ධ ආචාරිනියක,සමාජ සේවිකාවක වශයෙන් ධම්ම දින්නා තෙරණිය ප්‍රසිද්ධ වීම.
- ප්‍රිය වචන කථා කරන භික්ෂුණීන් අතරි "සුක්කා" තෙරණිය අගතැම්පත් වීම.
- ඛේමා සහ උප්පලවණ්ණා අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ.
- ඛේමා භික්ෂුණිය නුවණැතියන් අතර අග්‍රවීම
- ප්‍රජාපතී ගෝතමිය චිරරාත්‍රඥ භික්ෂුණීන් අතර අග්‍රවීම.
- උප්පලවණ්ණා ඍද්ධිමතුන් අතරින් අග්‍ර වීම
- පටාචාරා විනයධර භික්ෂුණීන් අතරින් අග්‍රවීම .
- නන්දා භික්ෂුණිය ධ්‍යාන ලාභීන් අතරින් අග්‍රවීම .
- සකුලා භික්ෂුණිය දිවැස් ඇති භික්ෂුණීන් අතරින් අග්‍ර වීම.
- කුණ්ඩලකේෂී කතා පුවතෙන් කාන්තාව අදූරදර්ශි යන මතය ඛණ්ඩනය කිරීම
පුරිසෝ හෝති පණ්ඩිතෝ
ඉත්ථීපි පණ්ඩිතෝ හෝන්ති
තත්ථ තත්ථ විචක්ඛණා
- සැම විටම පුරුෂයා පණ්ඩිත නොවේ
කාන්තාව මවක වශයෙන් ලද නිදහස
බ්‍රහ්මාති මාතා පිතරෝ
පුබ්බාචරියාති වුච්චරේ
ආහුනෙය්යාච පුත්තානං
පජාය අනුකම්පකා
- දෙමව්පියන් මහා බ්‍රහ්ම යනුවෙන් හැදින්වීම.
- පූර්ව ආචාර්ය වරුන් ලෙස සැලකීම.
- ආහුන ගුණයෙන් යුක්ත වීම.
- මාතා මිත්තං සකේ ඝරේ(මව නිවසේ මිතුරිය යැයි සඝාලෝවාද සූත්‍රයේ දැක්වීම.)
- මාතා පිතූ උපට්ඨානං(මව් පියන්ට සැළකීම උතුම් මංගල කරුණක් බව මංගල සූත්‍රයේ දක්වා තිබීම.)
- යෝ මාතරං වා පිතරං වා( යනුවෙන් හැකියාව තිබියදී දෙමව්පියන්ට නො සළකන තැනැත්තා පිරිහීමට පත්වන බව පරාභව සූත්‍රයේ ද,එබඳු පුද්ගලයා වසලයෙකු ලෙස වසල සූත්‍රයේ ද දක්වා ඇත.)
කාන්තාව ගෘහණියක වශයෙන් ලද නිදහස
- නිවසක් ලස්සන කළ හැක්කේ කාන්තාවකටය.
- සිඟාලෝවාද සූත්‍රයේ දක්වා ඇති පරිදි"පුත්තදාරා දිසා පච්චා"යනුවෙන් බටහිර දිසාවට අඹු දරුවන් හඳුන්වා දී ඇත.
- ස්වාමියාට යුතුකම් බිරිඳ ඉටු කළ යුතු අතර ස්වාමියාද තම බිරිඳට යුතුකම් ඉටුකළ යුතු බව පෙන්වාදෙයි
- සැමියා බිරිඳට උවටැන් කළ යුතුයි.
- සම්භාවන වචනයෙන් ද අවමන් බස් නොකීමෙන් ද,
- පරඹුවන් කරා නො යෑමෙන් ද,
- ගෙහි කටයුතුවල අධිපති බව ඇයට භාර දීමෙන් ද,
- ඇඳුම් පැලැඳුම් ලබා දීමෙන්
බිරිඳට සංග්‍රහ කිරීමට උපදෙස් ලබා දී ඇත්තේ බිරිදක් වශයෙන් ඇගේ වටිනාකම තහවුරු කරමිනි.
සත්ත භරියා සූත්‍රයේ දී බිරින්දෑවරුන් 07ක් දක්වා ඇත
- මාතු භරියා (මවක මෙන් බිරිදක් )
- භගිනි භරියා(සොහොයුරියක මෙන් බිරිදක් )
- දාසි භරියා (දාසියක බඳු බිරිදක් )
- සඛී භරියා (මිතුරියක මෙන් බිරිදක් )
- චෝර භරියා (සෙරක බඳු බිරිදක් )
- වධක භරියා (වධකයෙකු බඳු බිරිදක් )
- සාමි භරියා (ස්වාමියෙකු බඳු බිරිඳක්)
මෙහි දැක්වෙන පළමු හතර දෙනා ගරු කළ යුතු බිරින්දෑවරුන් ලෙස දක්වා ඇත.
චතු සංවාස සූත්‍රයේ ද බිරින්දෑවරුන් කොටස් 4ට බෙදා දක්වා ඇත.
- දෙවියෙක් සමග දෙවගනක් වසය කිරීම
- දෙවියෙක් සමග මළ ස්ත්‍රියක් වාසය කිරීම.
- දෙවගනක් සමග මළ මිනිහෙක් වාසය කිරීම
- මළ මිනිහෙක් සමග මළ ස්ත්‍රියක් වාසය කිරීම .
මේ අනුව යහපත් බිරින්දෑවරුන් සිටිනා බවට බෞද්ධ දේශනාවේ සඳහන් වෙයි.
උපාසිකාවක වශයෙන් කාන්තාව ලද නිදහස
- අට සිල්,දස සිල් ආදිය රකිමින් සිටින උපාසිකාව බුදුදහමෙහි පැසසුමට ලක් කිරීම.
- උසස් ගුණවලින් යුතු උපාසිකාව"ස්ත්‍රී රත්නයක්" ලෙස හඳුන්වා තිබීම.
- එමෙන්ම දුසිල්වත්,අවිචාරශීලී ස්ත්‍රීන්"මාරපාස"ලෙස හඳුන්වා තිබීම.
- විශාඛා,බන්දුල මල්ලිකා,සුමනා,සුජාතා ආදි උපාසිකාවන් බුදුරජාණන්වහන්සේගේ පැසසුමට ලක්වීම.
- අම්බපාලී වැනි ප්‍රසිද්ධ ගණිකාවන් බුදු සසුනට ඇතුළත් කරගෙන උපාසිකාවන් වශයෙන් විමුක්ති මාර්ගයේ යොමු කිරීම.
- මේ තුලින් බුදුදහමින් කාන්තාවට නියම නිදහස ලැබී ඇති බව පැහැදිලිය .
No comments:
Post a Comment