- ඊශ්වර නිර්මාණ වාදය පිළිගැනීම.
- වර්ණධර්ම මූලික කර ගැනීම.
- ස්වදර්ම වලට මුල් තැනක් ලබා දීම.
- විමුක්ති මාර්ගය ලෙස භක්ති මාර්ගය යොදා ගැනීම මේ සඳහා යාගය ආගමික පිළිවෙත ලෙස යොදා ගැනීම.
- කාන්තාව නිර්දය ලෙස විවේචනයට ලක් කිරීම.
- නිදහස් චින්තනය යටපත් කිරීම.
- කාම භෝගී ජීවිතයක් ගත කිරීම.
- බ්‍රහ්ම සහව්‍යතාවා අපේක්ෂා කිරීම.
බෞද්ධ ශිෂ්ටාචාරය
Monday, June 1, 2020
බෞද්ධ ශිෂ්ටාචාරය කෙටිසටහන් 13
2 බ්‍රාහ්මණ සම්ප්‍රදායේ විශේෂතා
බෞද්ධ ශිෂ්ටාචාරය කෙටිසටහන් 12
ශ්‍රමණ හා බ්‍රාහ්මණ සංස්කෘතීන් අතර විශේෂතා
- ශ්‍රමණ සම්ප්‍රදාය තුළ දක්නට ඇති විශේෂතා
- අචේල,සචේල,පරිබ්‍රාජක,ජටිල යන පිරිස් මෙම සම්ප්‍රදායට අයත් වෙයි.
- ඔවුන්ගේ ලක්ෂණ කිහිපයක් දැකිය හැකිය.
- විශ්වය මැවූ (විශ්ව මාපක),විශ්වයේ ඇති කළ(විශ්ව කර්තෘ ),සියලු බලයන්ගෙන් යුත්(සර්ව බලධාරී ),සෑම තැනම අණසක පතුරුවා සිටීම (සර්ව ව්‍යාපී), ආදී නම් වලින් හැඳින්වූ ලෝකය මවන ලද ඊශ්වර පිළිබඳ මතය බැහැර කිරීම.
- බ්‍රාහ්මණයන් විසින් හඳුන්වා දෙන ලද භක්ති මාර්ගය වෙනුවට ඥාන මාර්ගය අනුගම කිරීම.
- බ්‍රහ්මචාරී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළහ.මිල මුදල් වතු පිටි භවභෝග රැස් කිරීම වෙනුවට අල්පේච්ඡ ජීවිතයක් ගත කළහ.
- සාම්ප්‍රදායික පිළිවෙත්වලට වඩා ස්වාධීන අදහස්වලට මුල් තැන ලබා දී ඇත.
- උදක පාරිශුද්ධිය විවේචනය විවේචනයට ලක්කොට ඇත.
- කාමසුඛල්ලිකානුයෝගය වෙනුවට අත්තකිලමථානුයෝගය අනුගමනය කොට ඇත.
- දාර්ශනික මතවාද රැසක් හඳුන්වා දී ඇත .ඒ අතර කර්මය,පුනර්භවය හා මෝක්ෂය වැනි ගැඹුරු සංකල්ප කෙරෙහි අවධානය යොමු වී ඇත.
- ශ්‍රමන සම්ප්‍රදාය බිහි වීම සිද්ධාර්ථ වැනි මහා ප්‍රාඥයන් බිහි වීමට හේතු සාධක වී ඇත.
බෞද්ධ ශිෂ්ටාචාරය කෙටිසටහන් 11
ෂට් ශාස්තෲ දර්ශනය
- දීඝ නිකායේ සාමඤ්ඤ ඵල සූත්‍රයට අනුව ප්‍රධාන ශාස්තෘවරුන් හයදෙනෙකු හමුවේ.
- පූර්ණ කස්සප
- මක්ඛලී ගෝසාල
- අජිත කේසකම්බල
- පකුධ කච්ඡායන
- සංජය බෙල්ලට්ඨිය පුත්ත
- නිඝණ්ඨනාත පුත්ත
පූර්ණ කස්සප
- මොහු අකිරියවාදීයෙකි.
- කුසල හෝ අකුසල කර්මවලට ප්‍රතිවිපාක නො මැති බව දක්වයි .
- සතුන් මැරීම,අන් සතු දේ ගැනීම,කාමය වරදවා හැසිරීම,බොරු කීම,රහමෙර පානය කිරීම තුළින් සිදුවන අකුසලය නොමැති බව දක්වයි.එසේ නොකිරීමෙන් සිදුවන කුසලයක් ද නොමැතිබව දක්වයි.
- තියුණු ආයුධයක් ගෙන මිනිසුන්ගේ අත් පා,කන් නාසාදී කපා ඝාතනය කළේ නමුත් ඉන් සිදුවන අකුසලයක් නැති බව දක්වයි.
- තියුණු අවියක් ගෙන ගංගා නම් ගඟේ උතුරු කෙළවරේ සිට දකුණු කෙළවර දක්වා යමින් හමුවන සෑම සත්වයකුම මරමින් මාරවමින් සිදුකරන ක්‍රියාවට කිසිදු අකුශලයක් නොමැති බව දක්වයි.
- එමෙන්ම දන් දෙන දන් දෙවන සිල් රකින සිල් රැකීම ට අනුබල දෙන භාවනා කරන භාවනා කිරීමට අනුබල දෙන කෙනෙක් හට ද සිදුවන කුසලයක් නො මැති බව ඔහුගේ ඉගැන්වීමයි.
- මෙසේ කුසල් හෝ අකුසල් හෝ හොඳ හෝ නරක හෝ ඔහුගේ ඉගැන්වීම් තුළ නොමැත.
- කර්මානුරූපීව විපාක දීමක් නොමැත.
- මොහුගේ ඉගැන්වීම් සදාචාරය සම්පන්න නොවන අතර පුද්ගලයා අකුසලය කරා ගමන් කිරීමට උපදෙස් ලබා දෙයි.
මක්ඛලී ගෝසාල
- මොහුගේ ඉගැන්වීම් නම්
- නියතිවාදය
- අහේතු අප්පච්චවාදය
- සංසාර ශුද්ධිවාදය
- අකිරිය වාදය
- පරිණාමවාදය
- දෛව වාදය
නියතිවාදය
- මෙයින් අදහස් වන්නේ ලෝකය හා සත්වයා සියල්ල පූර්වයේ සැලැස්මකට අනුව සකස් වී ඇති බවයි.
- මෙම නිශ්චිත සැලැස්ම කිසිම දෙවියෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ වෙනස් කළ නොහැකි බව ඔහුගේ ගැන්වීමයි.
- නියතිවාදය කොටස් තුනකට බෙදා ඇත .
- නියති
- සංගත
- ස්වභාව
- අධික ලෙස උත්සහවී කටයුතු කරන පුද්ගලයකු සාර්තකත්වයේ නොලබන්නේ නම් එය ඔහුගේ දුර්වල තාවයක් නොවන බවත් ඔහුගේ නියති සැකැස්ම එය බව දක්වයි.
- සංගති යන්නෙන් අදහස් කරන්නේ කරුණු රාශියක එකතු වීමෙන් බව පෙන්වා දෙයි.
- භව යනු ලොව පවත්නා සමහර දේවලට ස්වභාවික පැවැත්මක් ඇති බවයි.නිදසුනක් ලෙස මොනරකුගේ පිල් ඉතා ලස්සනය.ඒ කිසිවකුගේ මැවීමක් හෝ නිර්මාණයක් නොව ස්වභාවයෙන් ම දෙයකි.
අහේතු අපච්චවාදය
- සත්වයාගේ කෙලෙසීමට හෝ පාරිශුද්ධත්වයට හේතු ප්‍රත්‍ය නොමැති බව දක්වයි.
- ආත්ම විමුක්තිය උදෙසා කළ හැකි කිසිවක් නොමැත.
- දාන සීල භාවනා ආදි කිසිවකින් කිසිදු කුසලයක් සිදු නොවේ.
- සංසාර විමුක්තිය අහේතුකව ඉබේම සිදු වෙයි.
- මේ අනුව ඔහු අකිරිය වාදයක් ද ඉදිරිපත් කොට ඇත ප.
සංසාර ශුද්ධි වාදය
- සංසාර විමුක්තිය ස්වභාවයෙන්ම සිදුවන බව දක්වයි.
- සෑම සත්වයෙකුම මහා කල්ප 84000 සසර වාසය කළ යුතු යි.
- 146600 විවිධ යෝනිවල උපත ලැබිය යුතුයි.
- ප්‍රතිපත්ති 62කි
- අන්තඃකල්ප 62කි
- අභිජාති 6කි
- පුරුෂ භූමි 8 කි
- ජීවිකා වෘත්ති 48900කි
- ඉන්ද්‍රියයෝ දෙදහකි
- මෙම ලක්ෂණ උගත් නූගත් සියල්ලන්ටම එකසේ පොදුය.
දෛව වාදය
- හොඳ නරක සියල්ල දෛවය අනුව සිදුවන බව දක්වයි.
- සත්වයා ඒ වෙනුවෙන් කළ යුතු කිසිම දෙයක් නොමැත.
ඔහුගේ දර්ශනය බුදුරජාණන් වහන්සේගේ දැඩි විවේචනයට ලක්වී ඇත.ගංගාවක තබන ලද කෙමනක් මත්ස්‍යයන්ට අහිතකර වන්නේ ද ඒ අයුරි ම මොහුගේ ඉගැන්වීම් පුද්ගලයා විනාශය කරා රැගෙන යන බව බුදු රජාණන් වහන්සේ දක්වයි."මෝඝ පුරුෂ"(හිස් මිනිසා) නාමයෙන් මොහු හැඳින්වීමට බුදුරජාණන් වහන්සේ පෙළඹී ඇත.
පකුධ කච්ඡායනක
- මොහුගේ මූලික ඉගැන්වීම සප්ත පදාර්ථ පිළිබඳවයි
- පඨවී
- ආපෝ
- තේජෝ
- වාය
- සුඛ
- දුක්ඛ
- ජීව
- සියලු දෙනා මෙම පදාර්ථවලින් නිරමාණය වෙයි.
- මෙම පදාර්ථ නසන්නෙක් හෝ නසවන්නෙක් නොමැත.
- නිදසුනක් ලෙස තියුණු ආයුධයකින් කෙනෙකුගේ ගෙල සිඳින්නේ නම් එතන සිදුව ඇත්තේ ඝාතනයක් නොව සත්ත පදාර්ථ අතුරින් තියුණු ආයුධයක් ගමන් කිරීමයි.
- සත්වයා මැරීමට හෝ මැරවීමට නොහැකි ය.
- ආත්මය සදාකාලිකය.
- අවිපරිණාමීය.
- අවිනීෂ්වරය.
- ඒ බැවින් පදාර්ථ ද ආත්මය විනාශ නොවේ යන ඉගැන්වීම මත මොහු ආත්ම වාදියෙකු ද වෙයි.
- භෞතික වස්තූන් පිළිබඳව සාකච්ඡා කරන බැවින් භෞතිකවාදියෙකු ද වේ.
- බුදු දහම තුලින් මොහුගේ දර්ශනය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කොට ඇත.එයට හේතුව වන්නේ ය සත්වයා අපායගාමී වන්නට මොහුගේ දර්ශනයේ බලපාන බැවිනි.
අජිත කේශකම්බලී
- මොහුගේ මූලික ඉගැන්වීම් දස වස්තුක මිත්‍යාදෘෂ්ටියයි.
- උච්ඡේද වාදය
- භෞතිකවාදය
- අකිරිය වාදය
- නත්ථි දින්නං (දුන් දෙයෙහි විපාක නැත )
- නත්ථි යිට්ඨං (යාගයෙහි විපාක නැත )
- නත්ථි හුතං (හෝමයෙහි විපාක නැත )
- නත්ථි සුඛ දුක්ඛට කම්මානං ඵලං විපාකෝ (කුසලාකුසල කර්මයන්ට ඵල විපාක නැත )
- නත්ථි අයං ලෝකෝ (පරලොව සිටින්නවුන්ට මෙලොවක් නැත )
- නත්ථි පරෝ ලෝකෝ(පරලොව සිටින්නවුන්ට මෙලොවක් නැත.)
- නත්ථි මාතා (මවට උපකාර කිරීමෙන් විපාක නැත.)
- නත්ථි පිතා (පියාට උපකාර කිරීමෙන් විපාක නැත )
- නත්ථි සත්තා ඕපපාතිකා (ඕපපාතික සත්ත්වයෝ නැත)
- නත්ථි ලෝකේ සමණා බ්‍රාහ්මණා(යහපතේ ගිය මහණබමුණු කෙනෙක් නැත )
- සත්වයාගේ උපත සිදුවී ඇත්තේ සතර මහා භූතයන්ගේ එකතුවකින් බව ඔහුගේ ඉගැන්වීමයි .
- පඨවි,ආපෝ,තේජෝ,වායෝ යන භූත ධර්ම එම ඉගැන්වීම් ය.
- සත්වයා මිය ගිය පසු පඨවි කොටස් පඨවි ධාතුවට ද වැගිරෙන ගතිය ආපෝ ධාතුවද
- උණුසුම් ගතිය තේජෝ ධාතුවට ද
- වායු කොටස් වායෝ ධාතුවට ද
- මුදා හැරෙන බව ඔහුගේ ඉගැන්වීමක් ය.ඒ අනුව ඔහු භෞතිකවාදියෙකි.
- කරන ලද කුසලා කුසල කර්මයන් අළු ගොඩක් බවට පත්වෙයි.
- දන් දීම,සිල් රැකීම,භාවනා කිරීම නිරර්ථක ක්‍රියාවක් ලෙස සඳහන් කිරීමෙන්ඔහු අකිරියවාදීයෙකු ලෙස හැඳින්වෙයි.
- මරණින් මතු ආත්මයක් නැතැයි පැවසීමෙන් උච්ඡේද වාදියෙකු ලෙස හැඳින්වෙයි.
- යම්තාක් කල් ජීවත් වෙයිද ණයට හෝ ගිතෙල් අනුභව කළ යුතුයි.ඒ නැවත ආතමයක් නොමැති බැවිනි.
- මේ දර්ශනය ද බුදුරජාණන්වහන්සේගේ දෝෂදර්ශනයට ලක්ව ඇත.
නිගණ්ඨනාථපුත්ත
- ශඩ් ශාස්තෲන් අතරින් බෙහෙවින් ප්‍රචලිත වූයේ නිගණ්ඨනාථපුත්තයි.ඒ ඔහුගේ දර්ශනය බුදුදහමට සමාන්තරව තිබූ බැවිනි.එහෙත් මෙහිද අඩුලුහුඩුකම් ඇති බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත.
- මෙහෙම දහම හදුන්වා දී ඇත්තේ ජින නම් පුද්ගලයෙකු විසිනි.එබැවින් මේ ජෛන දහම ලෙස ද හඳුන්වයි.
- බුද්ධ කාලයේ වන විට ජෛන දහමේ ප්‍රධානියා වූයේ නිගණ්ඨනාථපුත්තයි.
- මොහුගේ ඉගැන්වීම් රාශියකි.
- පරම අවිහිංසාවාදය
- ආත්මවාදය
- ස්‍යත්වාදය(අනේකාන්ත වාදය)
- කර්ම වාදය
- පුබ්බේකත හේතු වාදය
- පදාර්ථ සංකල්පය
පරම අවිහිංසාවාදය
- සාමාන්‍ය සත්වයන්ට පමණක් නොව වෘක්ෂලතා,ගස්වැල් ආදියට ද ජීවයක් ඇතැයි ඔහු සළකයි.
- ජීවී අජීවී සියලු දේටම ඉන්ද්‍රියයන් ඇති බව ඔහුගේ දහමේ පැහැදිලි .
- ගස් ගල් බොරළු පර්වත වාතය ජලය ගින්න ඉන්ද්‍රිය එකක් ඇති සත්වයන් සේ සලකයි.
- ඉතා සියුම් ක්ෂුද්‍ර ජීවීන් ඉන්ද්‍රිය දෙකක් ඇති සත්ත්වයන් සලකයි.
- උකුණන් මකුනන් ආදිය ඉන්ද්‍රිය තුනක් ඇති සත්වයන් සේ සලකයි.
- මැස්සන් බඹරුන් ආදිය ඉන්ද්‍රිය හතරක් ඇති සත්වයන් සේ සලකයි.
- මනුස්සයන් ඉන්ද්‍රිය පහම ඇති සත්වයන් සේ සලකයි.
කර්ම වාදය
- කර්ම රැස්වන ද්වාර තුනක් නිගණ්ඨනාථපුත්ත පෙන්වාදෙයිත.
- කාය දණ්ඩ
- වචී දණ්ඩ
- මනෝ දණ්ඩ
මොකද දහමේ කම්ම යන වචනයට නිගණ්ඨනාථපුත්ත දණ්ඩ යන වචන භාවිත කර ඇත.
බුදු දහමේ චේතනාවට මුල් තැනක් දෙන අතර නිගණ්ඨනාථපුත්ත මුල්තැනක් ලබා දෙන්නේ කාය කර්මයන් වලට ය.
පුබ්බේකතහේතුවාදය
- ජෛන දායෙන් විශේෂ ඉගැන්වීමක් වන්නේ පෙර කරන ලද කර්ම ක්ෂය කිරීමයි.
- මේ සඳහා ඔවුන් ක්‍රම කිහිපයක් අනුගමනය කොට ඇත.
- අතීත කර්මය ක්ෂය කිරීමට අත්තකිලමතානු යෝගයත්
- වරතමාන කර්ම ක්ෂය කිරීමට චතුයාම සංවර ශීලයත් ඉදිරි පත් කොට ඇත.
- අත්තකිලමතානු යෝගයේදී අජවෘත,ගෝවෘත,සුනඛ වෘත අනුගමනය කොට ඇත.
- වර්තමාන කර්ම ක්ෂය කිරීමේ දී චතුයාම සංවර යක් ඉදිරිපත් කරයි.
- සබ්බ වාරි වාරිතෝ, ඇල්දිය පානයන්ගෙන් වැළකී සිටීම.
- සබ්බවාරියුතෝ,සියලු පාපයන්ගෙන් වැළකී සිටීම.
- සබ්බවාරි ධුතෝ,කරන ලද පව් සෝදා හැරීම.
- සබ්බවාරි ඵුඨෝ,කරන ලද පාප කර්ම ස්පර්ශ කර අවසන් කිරීම .
ආත්ම වාදය
- භවයෙන් භවයට ගමන් කරන ආත්මයක් ඇත යනු මොහුගේ ගැන්වීමයි.
- බුදු දහමේ චතුරාර්ය සත්‍යයට සමහර විමුක්ති මාර්ග ප්‍රතිපදාව ඔහු ඉදිරිපත් කරයි.
- ඤාණය
- ශ්‍රද්ධාව
- චාරිත්‍ර
- භාවනා
සදාචාර සම්පන්න සමාජයක් උදෙසා බුදු දහමට සමාන පංචශීල ප්‍රතිපදාවක් නිඝණ්ඨ දහම තුල ද අන්තර්ගත වෙයි.
- සත්ව ඝාතනයෙන් වැලකී සිටීම.
- සොරකම් කිරීමෙන් වැළකී සිටීම .
- බොරු කීමෙන් වැළකී සිටීම.
- ක්‍රෝධ නොකිරීම.
- මෙත් වැඩීම.
ජෛන දහමේ අන්තවාදී ඉගැන්වීම් ද දක්නට ඇත.තණ්හාව ක්ෂය කිරීමට නිර්වස්ත්‍රව සිටීම ඔවුන්ගේ පුරුද්දකි.
විමුක්තිය ලැබීමට අනුගමනය කළ යුතු ත්‍රිවිධ රත්නයක් පිළිබඳවද ජෛන දහමේ සඳහන්වේ
- සම්‍යග් විශ්වාස
- සම්‍යග් ඥාන
- සම්‍යග් ආත්ම පාලනය
යනුවෙනි.මේ අනුව බුදුදහමට යම් හෝ සමානකමක් ඇති එකම දහම වන්නේ ජෛන දහමයි.එහෙත් ඒ සම්පූර්ණ සමාන නොමැත.
සංජය බෙල්ලට්ඨිපුත්ත
- සාමඤ්ඤ ඵල සූත්‍රයට අනුව මොහුගේ මූලික දර්ශනය අමරාවික්ඛේපවාදයයි.
- එනම් ආඳෙකු මෙන් ලිස්සා යෑමයි.
- ප්‍රශ්නයක් ඇසූ විට ඔහු ලබාදෙන පිළිතුරු සතර ආකාරව දැකිය හැකිය.
- අස්ති(ඇත)
- නාස්ති (නැත )
- අස්තී ච නාස්තී ච(ඇත නැත)
- නෛවස්තී න නාස්ති (ඇත්තේ නැත නැත්තේ නැත)
Saturday, May 30, 2020
බෞද්ධශිෂ්ටාචාරය කෙටිසටහන් 10
බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදාය
- ශ්‍රමණ සම්ප්‍රදාය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි.
- බෞද්ධ ශ්‍රමණයන්
- අන්‍යතීර්ථක ශ්‍රමණයන්
- තීර්ථක ශ්‍රමණයන් ප්‍රධාන කොටස් පහකි.
- තාපස
- පරිබ්‍රාජක
- ආජීවක
- තිත්ථිය
- නිඝණ්ඨ
- මජ්ඣිම නිකායේ චූල සිහනාද සූත්‍රයට අනුව බෞද්ධ හා බෞද්ධ නොවන ශ්‍රමණ කොටස් දෙකකි.
- ජනතාව බෞද්ධ ශ්‍රමණය ගියේ සංවරශීලී ආචාරධර්ම දැකීමෙන් බලවත් ප්‍රසාදයට ලක්වී ඇත.
- චූළ සීහනාද සූත්‍රයේ අන්‍ය ශ්‍රමණයන් ඉදිරියේ සීහනාද කළ යුතු ආකාරය දක්වා ඇත.
ප්‍රථම ශ්‍රමණයාත් බුදුසසුනේමය.දෙවන ශ්‍රමණයාත් බුදුසසුනේමය.තෙවන ශ්‍රමණයාත් බුදුසසුනේමය.සිව්වන ශ්‍රමණයාත් බුදුසසුනේමය.අන්‍ය තීර්ථක ශ්‍රමණයෝ මෙම ශ්‍රමණ පිරිසට අයත් නො වෙති.
- බෞද්ධ ශ්‍රමණයන්ගේ මූලික ප්‍රතිපදාව ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.
- එමඟින් සෝවාන්, සකෘදාගාමි,අනාගාමී ,අර්හත් යන ප්‍රථම දෙවන තෙවන සිසිව්වන ශ්‍රමණයන් බෞද්ධ ශ්‍රමණයන් බව දක්වති.
- බෞද්ධ ශ්‍රමණයන් ලෙස හැඳින්විය හැකි කොටස් 12කි.
- සෝවාන් මාර්ගලාභී පුද්ගලයා
- සෝවාන් ඵලලාභී පුද්ගලයා
- සෝවාන් වීම පිණිස විදසුන් වඩන පුද්ගලයා
- සකෘදාගාමි මාර්ග ලාභී පුද්ගලයා
- සකෘදාගාමී ඵලලාභී පුද්ගලයා
- සකෘදාගාමි වීම පිණිස විදසුන් වඩන පුද්ගලයා
- අනාගාමී පුද්ගලයා
- අනාගාමී ඵලලාභී පුද්ගලයා
- අනාගාමී වීම පිණිස විදසුන් වඩන පුද්ගලයා
- අර්හත් මාර්ගලාභී පුද්ගලයා
- අර්හත් ඵලලාභී පුද්ගලයා
- අර්හත් වීම පිණිස විදසුන් වඩන පුද්ගලයා
- මෙම ශ්‍රමණ පිරිස් වෙනත් ආත්ම භවයක උපත ලද නමුත් පංචශීල ප්‍රතිපදාව කඩ නොකරති.
බෞද්ධශිෂ්ටාචාරය කෙටිසටහන් 9
ශ්‍රමණ ගුරුකුල
- බ්‍රාහ්මණ සම්ප්‍රධායට ප්‍රතිවිරුද්ධව ශ්‍රමණ සම්ප්‍රදාය ගොඩ නැගුණි.
- භාරතයේ ප්‍රධාන ශ්‍රමණ කොටස් 05ක් හමුවෙයි.
- තාපස
- පරිබ්‍රාජක
- ජටිල
- ආජීවක
- "මුනි,යති" යන නම්වලින් තාපසයන් හදුන්වයි.
- සුත්ත නිපාතයේ හිරි සූත්‍ර අට්ඨ කථවට අනුව තාපසයන් කොටස් 08ක් හමුවෙයි.
- සපුත්ත භරියා (අඹුදරුවන් සමගින් ජීවත් වන තවුසන්)
- උඤ්ඡාචාරිකා(නගරාශ්‍රිතව ජීවත් වෙමින් ක්ෂත්‍රිය වංශිකයන්ට අධ්‍යාපනය ලබා දෙමින් කටයුතු කරන අතර මුදල් ලබා ගන්නේ නැත.ඔවුහු ගිතෙල් සහල් පිළිගත්හ.
- සම්පත්ත කාලිකා(ආහාර අනුභව කරන අවස්ථාවේ ලැබෙන දෙයක් පිළිගැනීම.)
- අනග්ගිපත්තිකා(ගින්නෙන් තැම්බූ ගෙඩි වර්ග කොළ වර්ග කොළ වර්ග අනුභව කිරීම)
- අස්ම මුට්ඨිකා(ගස්වල පොතු ආහාරයට ගැනීම.මෙහිදී ආයුධයක් භාවිත කරමින් ගස්වල පොතු ගලවති.මොවුහු පෙහෙවස් සමාදන් වී භාවනා කරති.)
- දන්තලුය්යකා(ගස්වල පොතු අනුභව කරමින් ජීවත් වෙති.මෙහිදී කිසිදු ආයුධයක් භාවිත නොකරයි.)
- පවත්ත එලිකා(ස්වයං ජාත විලක් හෝ වනයක් ඇසුරු කරයි.විලේ මල් හෝ වනයේ ගෙඩි අනුභව කරයි.)
- වන්ට මුත්තිකා(නටුවෙන් ගිලිහෙන කොළ පමණක් අනුභව කරති.අනෙක් තාපසයන්ට වඩා මොවුන් උසස් කොට සළකයි.)
තාපසයන් අනුගමනය කළ චතුරංග සමන්නාගත බ්‍රහ්මචර්යා නම්
- පරම තපෝගුණය
- පරම වෲක්ෂ වෘත
- පරම ජුගුප්සා වෘත
- පරම විවේක.
මොවුන් අනුගමනය කළ ආචාර විධි 59 ම.නි සීහනාද සූත්‍රයේ දැක්වෙයි.
- නිර්වස්ත්‍රව සිටීම,සිටගෙන මළ මුත්‍රා කිරීම,කෑම කා අත ලෙව කෑම.
- පළමුවෙන් දුන් භික්ෂාව නොපිළිගැනීම.
- තමන් උදෙසා සැකසූ භික්ෂාව නොනොපිළිගැනී.
- ගැබිනියක දුන් භික්ෂාව නොනොපිළිගැනීම.
- කිරිපොවන ස්ත්‍රියක දුන් භික්ෂාව නොනොපිළිගැනීම.
- මස් මාංශ අනුභව නොකිරීම.
- මත් පැන් පානය නොකිරීම.
- කුඩා ආහාර පාත්‍රයකින් හෝ දෙකකින් හෝ තුනකින් යැපීම.
- දිනක් හැර දිනක් ආහාර ගැනීම.
- දෙදිනක් හැර දිනක් ආහාර ගැනීම.
- සතියක් හැර දිනක් ආහාර ගැනීම.
- පුන්නක්කු,ගොම,අමුපලා,කුඩු,සෙවල අනුභව කිරීම.
- කේශ කම්බළ,අදුන් දිවිසම්,රෙදි කැබලි භාවිත කිරීම.
- කෙස් රවුළු උදුරා දැමීම.
- කටු ඇතිරිලි මත ඇවිදීම,නිදාගැනීම.
- උඩුකුරුව සිටීම,උක්කුටිකව සිටීම,පැන පැන යෑම.
පරිබ්‍රාජක සම්ප්‍රදාය
- පැවිද්ද ලැබීමට පෙර ත්‍රිවේදය හදාරා තිබිය යුතුයි.
- බ්‍රාහ්මණ වංශිකයන් ආදි විවිධ කුලවල අය පරිබ්‍රාජයන් ලෙස වාසය කොට ඇත.
- .අංගුත්තර නිකායේ බ්‍රාහ්මණ වග්ගයේ පරිබ්‍රාජක සූත්‍රයෙන් බ්‍රාහ්මණ පරිශීලකයන් ගැන විස්තර වෙයි.
- පරිබ්‍රාජකයන්ගේ මූලික දර්ශනයක් නැත.
- සත්‍ය ගවේසීව ශ්‍රියා කළ පිරිසකි.
- පිණ්ඩපාතයෙන් භික්ෂාව සොයාගත්හ.
- විවිධ ආගමිකයන් සමග වාද විවාද කරමින් සත්‍ය සෙවූහ.
- පියලී ගත හැකි දහමක් හමුවූ විට එතෙක් පිළිගත් දර්ශනය හැර දමයි.
- කෝලිත උපතිස්ස යනු එසේ නව දහමක් වන බුදු දහ පිළිගත් දෙදෙකි.
- ධම්මපදට්ඨ කථාවේ අග්ග සාවක ඔව් වස්තුවට අනුව පරිබ්‍රාජක යනු සංචාරක පිරිසකි.
- දීඝ නිකායේ පොට්ඨපාද සූත්‍රයේ පොට්ඨපාද නම් පරිබ්‍රාජකයා ආරාමික ජීවිතයක් ගතකළ අයෙකි.
- ඔහු ජීවත් වුයේ මල්ලිකා දේවිය කරන ලද "ඒකසාලක"නම් විහාරයේ ය.
- ඇතැම් පරිබ්‍රාජකයන් විශාල පිරිසක් සහිතව වාසය කළ බව දීඝ නිකායේ පොට්ඨපාද සූත්‍රයේ සඳහාන් වෙයි.පොට්ඨපාද පරිබ්‍රාජකයාට පිරිස 300 ක් සිටි බව එහි සඳහන් වෙයි.
- උදුම්බරික සීහනාද සූත්‍රයට අනුව 300 ක් පිරිස නිග්‍රෝධ නම් පරිබ්‍රාජකයාට සිටිබව සඳහාන් වෙයි.
- සුමංගල විලාසිනියට අනුව ඇතැම් පරිබ්‍රාජකයන් නග්නව(නිර්වස්ත්‍රව) සිටි බව සඳහන් වෙයි."අචේලකාති නාග්ග පරිබ්බාජකා"
- සංයුත්ත නිකායේ කෝසලොස් සංයුක්තයේ සඳහන් වන පරිදි
- කොසොල් රජතුමා තමන්ගේ සැබෑ තතු දැනගැනීමට පරිබ්‍රාකයන් සංචාරයේ යෙද වූ බව සඳහන් වෙයි.
- පරිබ්‍රාජකයන් මෙන්ම පරිබ්‍රාජිකාවන් සිටි බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි.බුදුරදුන්ට නිග්‍රහ කළ සුන්දරී නම් කාන්තාව පරිබ්‍රාජිකාවකි.
- මේ අනුව පරිබ්‍රාජක යනු භාරතයේ විසූ ශ්‍රමණ පිරිසක් බව සඳහන් කළ හැකිය.
ජටිල සම්ප්‍රදාය
- "ජටා ධාරිතාය ඉධ ජටිලාති උත්තා"
- ඔවුන් සතු විශේෂ ලක්ෂණ නම්
- ජටාවක් දැරීමයි .
- අඳුන් දිවිසමක් භාවිත කිරීම.
- ගිනි පිදීම.
- ජලාශ්‍රිතව ජීවත් වීම.
- රහත් බව පිළිගැනීම.
- බ්‍රහ්මචාරී වීම.
බෞද්ධ සාහිත්‍යයේ ප්‍රධාන ජටිලයන් තිදෙනෙකු පිළිබඳව සාකච්ඡා කරයි එනම්
- උරුවෙල් කාශ්‍යප(පිරිස පන්සියයයි)
- නදී කාෂ්‍යප (පිරිස තුන්සියයකි )
- ගයා කාෂ්‍යප (පිරිස දෙසීයකි)
- මෙම ජටිල පිරිස ශීත ඍතුවේ පවා ජලයේ කිමිදීමෙන් පව් සෝදා හැරීමට කටයුතු කරති.
- එම ජටිල පිරිස බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදිවූහ.
- ධම්ම පදයේ දැක්වෙන පරිදි "අජින සාටියා"යනුවෙන් ජටිලයන් අඳුන් දිවි සම් භාවිත කළ බව දැක්වෙයි.
- මහාවග්ග පාලියට අනුව උරුවෙල් කාෂ්‍යප සූදානම් වූ යාගයකට අඟු මගධ වාසී ආහාර රැගෙන පැමිණි බව සඳහන් වෙයි.
- ම.නි.චූල අස්සපුර සූත්‍රයේ ද ජටිලයන් පිළිබඳ සඳහන් වෙයි.
ආජීවක සම්ප්‍රදාය
- මේ පිරිස ද ශ්‍රමණ සම්ප්‍රදායට අයත් කොටසකි.
- මොවුන් විමුක්තිය ලෙස සලකන ලද්දේ"අනන්ත මානස" හෙවත් ආසඤ්ඤීභාවයයි.
- ජීවිත පැවැත්ම සඳහා පැවිදි ජීවිතයක් ගතකරයි.
- "ආජීවකාති නග්න සමණා" යනුවෙන් නිර්වස්ත්‍රව වාසය කළ පිරිසකි.
- ඇතැම් පිරිස් ආජීවකයන් තම නිවෙස්වල දරුවකු ලෙස තබාගෙන ඇත.දියණියන් සමඟ රහසිගත ඇසුරට ද අවසර ලබාදී ඇත.
- ආජීවකයෝ විවිධ පිළිවෙත් අනුගමනය කළහ.
- ඇතමෙක් උග්‍ර තපස් ක්‍රම ගරුකළහ.
- උණ ලීයක් හෝ සැරටියක් අතැතිව සැරිසරන පිරිසකි.
- හිස මුඩුකොට පිණ්ඩපාතයෙන් යැපෙයි.
- නග්නව(නිර්වස්ත්‍රව)හිස මුඩුකොට පිණ්ඩපාතයෙන් යැපෙන පිරිසකි.
- ආජීවකයන් තිදණ්ඩ නමින් භාණ්ඩ තුනක් භාවිත කොට ඇත.
- අං.නි.පඤ්චක නිපාතයේ නිගණ්ඨ,බුඩ්ඪසාවක,තේදණ්ඩික යන නම්වලින් හඳුන්වා ඇත.
- බෞද්ධ මෙන්ම ජෛන ග්‍රන්ථවල ආජීවකයන් ගැන සඳහන් වෙයි.
- මක්ඛලීගෝසාල මෙම සම්ප්‍රදායේ ආරම්භකයා ලෙස සැළකෙයි.
- ආජීවක කණ්ඩායම් කිහිපයක් සිටිබව ඖපපාතික සූත්‍රයේ දැක්වෙයි.
- දුගරන්තරිය(ගෙවල් දෙකක් හැර තුන්වන ගෙදරින් සිඟමන් ලබාග්න්නා තැනත්තා )
- තිඝරන්තරිය(ගෙවල් තුනක් හැර සිව්වන ගෙයින් පිඬු සිගන්නා)
- සත්තඝරන්තරිය(ගෙවල් හතරක් හැර අටවන ගෙයින් පිඬු සිගන්නා)
- උප්පලඛණ්ටිය(නෙළුම් කොළයකින් පිඬු සිගන්නා)
- ඝර සමුදානිය(සෑම ගෙයකින්ම පිඬු සිගන්නා )
- විජ්ජු අන්තරිය(විදුලි එළිය ඇතිවිට පිඬු සිගන්නා)
Thursday, May 28, 2020
බෞද්ධශිෂ්ටාචාරය කෙටිසටහන් 8
- කාන්තාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්
- භික්ෂුණියක වශයෙන්
- මවක වශයෙන්
- ගෘහණියක වශයෙන්
- උපාසිකාවක වශයෙන්
කාන්තාව භික්ෂුණියක ලද නිදහස
- මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500කට අෂ්ඨ ගරු ධර්ම ඉදිරිපත් කරමින් උසස් ම ස්ථානයක් වන පැවිද්ද ලබා දීම.
- තනතුරු ප්‍රදානය කිරීමේදී භිෂූන්ට මෙන්ම භික්ෂුණීන්ටද දක්ෂතාව මත තනතුරු ප්‍රදානය කිරීම.
- භික්ෂුණීන් අතරින් දක්ෂ දේශිකාවක,ප්‍රසිද්ධ ආචාරිනියක,සමාජ සේවිකාවක වශයෙන් ධම්ම දින්නා තෙරණිය ප්‍රසිද්ධ වීම.
- ප්‍රිය වචන කථා කරන භික්ෂුණීන් අතරි "සුක්කා" තෙරණිය අගතැම්පත් වීම.
- ඛේමා සහ උප්පලවණ්ණා අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ.
- ඛේමා භික්ෂුණිය නුවණැතියන් අතර අග්‍රවීම
- ප්‍රජාපතී ගෝතමිය චිරරාත්‍රඥ භික්ෂුණීන් අතර අග්‍රවීම.
- උප්පලවණ්ණා ඍද්ධිමතුන් අතරින් අග්‍ර වීම
- පටාචාරා විනයධර භික්ෂුණීන් අතරින් අග්‍රවීම .
- නන්දා භික්ෂුණිය ධ්‍යාන ලාභීන් අතරින් අග්‍රවීම .
- සකුලා භික්ෂුණිය දිවැස් ඇති භික්ෂුණීන් අතරින් අග්‍ර වීම.
- කුණ්ඩලකේෂී කතා පුවතෙන් කාන්තාව අදූරදර්ශි යන මතය ඛණ්ඩනය කිරීම
පුරිසෝ හෝති පණ්ඩිතෝ
ඉත්ථීපි පණ්ඩිතෝ හෝන්ති
තත්ථ තත්ථ විචක්ඛණා
- සැම විටම පුරුෂයා පණ්ඩිත නොවේ
කාන්තාව මවක වශයෙන් ලද නිදහස
බ්‍රහ්මාති මාතා පිතරෝ
පුබ්බාචරියාති වුච්චරේ
ආහුනෙය්යාච පුත්තානං
පජාය අනුකම්පකා
- දෙමව්පියන් මහා බ්‍රහ්ම යනුවෙන් හැදින්වීම.
- පූර්ව ආචාර්ය වරුන් ලෙස සැලකීම.
- ආහුන ගුණයෙන් යුක්ත වීම.
- මාතා මිත්තං සකේ ඝරේ(මව නිවසේ මිතුරිය යැයි සඝාලෝවාද සූත්‍රයේ දැක්වීම.)
- මාතා පිතූ උපට්ඨානං(මව් පියන්ට සැළකීම උතුම් මංගල කරුණක් බව මංගල සූත්‍රයේ දක්වා තිබීම.)
- යෝ මාතරං වා පිතරං වා( යනුවෙන් හැකියාව තිබියදී දෙමව්පියන්ට නො සළකන තැනැත්තා පිරිහීමට පත්වන බව පරාභව සූත්‍රයේ ද,එබඳු පුද්ගලයා වසලයෙකු ලෙස වසල සූත්‍රයේ ද දක්වා ඇත.)
කාන්තාව ගෘහණියක වශයෙන් ලද නිදහස
- නිවසක් ලස්සන කළ හැක්කේ කාන්තාවකටය.
- සිඟාලෝවාද සූත්‍රයේ දක්වා ඇති පරිදි"පුත්තදාරා දිසා පච්චා"යනුවෙන් බටහිර දිසාවට අඹු දරුවන් හඳුන්වා දී ඇත.
- ස්වාමියාට යුතුකම් බිරිඳ ඉටු කළ යුතු අතර ස්වාමියාද තම බිරිඳට යුතුකම් ඉටුකළ යුතු බව පෙන්වාදෙයි
- සැමියා බිරිඳට උවටැන් කළ යුතුයි.
- සම්භාවන වචනයෙන් ද අවමන් බස් නොකීමෙන් ද,
- පරඹුවන් කරා නො යෑමෙන් ද,
- ගෙහි කටයුතුවල අධිපති බව ඇයට භාර දීමෙන් ද,
- ඇඳුම් පැලැඳුම් ලබා දීමෙන්
බිරිඳට සංග්‍රහ කිරීමට උපදෙස් ලබා දී ඇත්තේ බිරිදක් වශයෙන් ඇගේ වටිනාකම තහවුරු කරමිනි.
සත්ත භරියා සූත්‍රයේ දී බිරින්දෑවරුන් 07ක් දක්වා ඇත
- මාතු භරියා (මවක මෙන් බිරිදක් )
- භගිනි භරියා(සොහොයුරියක මෙන් බිරිදක් )
- දාසි භරියා (දාසියක බඳු බිරිදක් )
- සඛී භරියා (මිතුරියක මෙන් බිරිදක් )
- චෝර භරියා (සෙරක බඳු බිරිදක් )
- වධක භරියා (වධකයෙකු බඳු බිරිදක් )
- සාමි භරියා (ස්වාමියෙකු බඳු බිරිඳක්)
මෙහි දැක්වෙන පළමු හතර දෙනා ගරු කළ යුතු බිරින්දෑවරුන් ලෙස දක්වා ඇත.
චතු සංවාස සූත්‍රයේ ද බිරින්දෑවරුන් කොටස් 4ට බෙදා දක්වා ඇත.
- දෙවියෙක් සමග දෙවගනක් වසය කිරීම
- දෙවියෙක් සමග මළ ස්ත්‍රියක් වාසය කිරීම.
- දෙවගනක් සමග මළ මිනිහෙක් වාසය කිරීම
- මළ මිනිහෙක් සමග මළ ස්ත්‍රියක් වාසය කිරීම .
මේ අනුව යහපත් බිරින්දෑවරුන් සිටිනා බවට බෞද්ධ දේශනාවේ සඳහන් වෙයි.
උපාසිකාවක වශයෙන් කාන්තාව ලද නිදහස
- අට සිල්,දස සිල් ආදිය රකිමින් සිටින උපාසිකාව බුදුදහමෙහි පැසසුමට ලක් කිරීම.
- උසස් ගුණවලින් යුතු උපාසිකාව"ස්ත්‍රී රත්නයක්" ලෙස හඳුන්වා තිබීම.
- එමෙන්ම දුසිල්වත්,අවිචාරශීලී ස්ත්‍රීන්"මාරපාස"ලෙස හඳුන්වා තිබීම.
- විශාඛා,බන්දුල මල්ලිකා,සුමනා,සුජාතා ආදි උපාසිකාවන් බුදුරජාණන්වහන්සේගේ පැසසුමට ලක්වීම.
- අම්බපාලී වැනි ප්‍රසිද්ධ ගණිකාවන් බුදු සසුනට ඇතුළත් කරගෙන උපාසිකාවන් වශයෙන් විමුක්ති මාර්ගයේ යොමු කිරීම.
- මේ තුලින් බුදුදහමින් කාන්තාවට නියම නිදහස ලැබී ඇති බව පැහැදිලිය .
Wednesday, May 27, 2020
බෞද්ධශිෂ්ටාචාරය කෙටිසටහන් 7
- කාන්තාව පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීම්
- බ්‍රාහ්මණ සමාජයේ කාන්තාව පහත් තැනැත්තියක ලෙස හැදින්වීම.
- තම බලය එක ලෙසම පවත්වාගෙන යෑමට බමුණන් කාතාවගේ වරප්‍රසාද අහිමි කර තිබේ.
- ඒ සඳහා ප්‍රධානම හේතුව වුයේ පූර්ව වෛදික යුගයේ කාන්තාව දේවත්වයෙන් සැළකීමයි.
- බමුණන්ගේ ගෞරවය පවත්වාගෙන යෑමට කාන්තාව බාධාවක් වීම
- එබැවින් ඇය චපල,අදූරදර්ශි,අපිරිසිදු තැනැත්තියක ලෙස හැඳින්වීම.
- පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් වන අධ්‍යාපනය,ආගම,ආර්ථිකය,සමාජීය අංශය යන සෑම අංගයක්ම කාන්තාවට අහිමිවිය.
- පූජාව පවත්වන ස්ථානයට ඇතුල්වීමද කාන්තාවට තහනම් විය.
- කාන්තාව යනු අඳබාල තැනැතියක ලෙස හඳුන්වා ඇත."ද්වංගුල පඤ්ඤා"යනුවෙන් හඳුන්වා ඇත.
කාන්තාව සිය ජීවිතය ගත කරන්නේ සිරකාරියක් ලෙසය.
බාල්‍යේ පිතුර්වශේ තිෂ්ඨේත්
ප්‍රාණි ග්‍රාහස්‍ය යෞවණේ
පුත්‍රාණාං භර්තරී ප්‍රේතේ
න භජේත් ස්ත්‍රී ස්වතන්ත්‍රතාම්
- කුඩාකල දෙමව් පියන් යටතේද
- තරුණ කාලයේ ස්වාමියා යටතේද
- වයසට ගිය පසු වැඩිමහල් දරුවා යටතේද්
- කාන්තාවට ස්වතන්ත්‍ර භාවයක්
ස්ථානං නාස්ති ක්ෂණං නාස්ති
නාස්ති ප්‍රාර්ථයිතා ජනඃ
තේන නාරද නාරීනං
ස්ත්‍රීත්ව මුප ජායතේ
- කාන්තාවට නියමිත තැනක් නැත.
- නියමිත වේලවක් නැත.
- නියමිත පුරුෂයෙක්ද නැත.
- මේ නිසා කාන්තාවට පතිවෘතාවක්ද නැත.
ඖදුම්බර භවං පුෂ්පං
ශ්වේත වර්ණං ච කාකයෝඃ
මත්ස්‍ය පාදං ජලේ පශ්‍යෙ
ස්ත්‍රී වාක්‍යං න විශ්වසේත්
- අට්ටික්කා ගස්වල මල් නැත
- පාද සහිත මාළුවෝ ද නැත.
- කවුරු හෝ ඒවා ඇතැයි සඳහන් කරන්නේ නම් පිළිගන්න.
මුඛ පද්ම දලාකාරං
වාචා චන්දන සීතලං
මධු තිෂ්ඨති ජිහ්වාග්‍රේ
හෘදයේසු හලාහලං
- ස්ත්‍රීන්ගේ මුහුණ මලක් මෙන් සියුමැලි ය.
- වචන සඳුන් මෙන් සීතලය.
- දිව අග මී පැණිය.
- එහෙත් හදවත පිරී තිබෙන්නේ හළාහළ නම් විෂ සහිතවය.යනුවෙන් කාන්තාව ස්මාජයෙන් ප්‍රතික්ෂේප කොට ඇත.
තම සැමියා කෙතරම් කෲර වුවද ඒ සියලු දේ කාන්තාව විඳ දරාගත යුතුය.
- භාරතය තුළ බහු භාර්යා ක්‍රමය ක්‍රියාත්මක වී ඇත.
- ස්ත්‍රීන්ට බහු පුරුෂ සේවනය තහන්ම් ය.
ඉහත කරුණු තුළින් බ්‍රාහ්මණ සමාජයේ කාන්තාවට හිමිව තිබූ ස්ථානය පැහැදිලිය.
බෞද්ධශිෂ්ටාචාරය කෙටිසටහන් 6
ස්වධර්ම පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්
- ස්වධර්ම යනුවෙන් අදහස් වන්නේ ඒ ඒ කුලයන්ට අයත් යුතුකම් ය.
- බමුණන්ගේ ස්වධර්ම තුළ දක්ෂතාවයට තැනක් හිමි නොවේ.
- අඩුපාඩු සහිතව වුවද තමන්ට හිමි කාර්යයේ නියැලීම අගයකොට සළකා ඇත.
- බෞද්ධ පිළිවෙත වන්නේ සුදුසු පුද්ගලයාට දක්ෂතාව අනුව අවස්ථාව ලබාදීමයි.
- අං.නි.ඒතදග්ගපාලියේ ඒ බව සඳහන් වෙයි.
- තනතුරු ප්‍රදානයේදී ඒ බව පැහැදිලි වෙයි.
- කොණ්ඩඤ්ඤ තෙරණුන් -චිරරාත්‍රඥ භික්ෂූන් අතරින් අග්‍ර විය
- සැරියුත් තෙරණුන් - මහා ප්‍රාඥයන් අතරින් අග්‍ර විය.
- මුගලන් තෙරණුන්- ඍද්ධිමතුන් අතරින් අග්‍ර විය.
- මහා කස්සප තෙරණුන්-ධුතාංගධාරීන් අතරින් අග්‍ර
- මෙලෙස තනතුරු ප්‍රදානය කොට ඇත්තේ කුලය පිළිබඳ සිතා නොවීම තුළින් බමුණන්ගේ ස්වධර්ම එකහෙළා ප්‍රතික්ෂේප කොට ඇත.
- පුද්ගලයාගේ දක්ෂතාව මත උසස් පහත් බව තීරණය කිරීම බෞද්ධ පිළිවෙතයි.
- වසල සූත්‍රය තුළ පුද්ගලයෙකු උසස් හෝ පහත් වන ආකාරය පෙන්වාදෙයි.
- මේ අනුව පැහැදිලි වන්නේ බුදු දහමේ ඒ කටයුතුවලට පත්කොට ඇත්තේ ඒ ඒ හැකියාවන් ඇති පුද්ගලයන්ය.
Monday, May 25, 2020
බෞද්ධශිෂ්ටාචාරය කෙටිසටහන් 5
බමුණන්ගේ වර්ණ ධර්ම බුදුදහමින් ප්‍රතික්ෂේප වූ තවත් අවස්ථා කිහිපයක් පෙළ දහමෙහි සඳහන් වෙයි.
- සිව් කුලයෙන් සසුන්ගත කිරීම.
- කොණ්ඩඤ්ඤ,වප්ප,භද්දිය,මහානාම,ආනන්ද,නන්ද,රාහුල,දේවදත්ත වැනි ක්ෂත්‍රිය පවුල්වලට අයත් පිරිස් පැවිදි කිරීම.
- සුනීත,සෝපාක වැනි සැඩොල් දරුවන් පැවිදි කිරීම
- සියලු දෙනාම"ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ " යන නාමයෙන් හැඳින්වීම
- "ගංගා ,යමුනා,අචිරවතී,මහී "වැනි ගංගාවන්ගේ ජලය මුහුදට පැමිණි පසු එකම ලුණු රසය දැනෙන පරිද්දෙන් සියලු කුලවලින් පැවිදි වන අය එකම බුද්ධ නිකායට අයත් වන බව පවසමින්.වර්ණ ධර්මවල වැදගත් කමක් නොමැති බව පෙන්වාදීම.
බෞද්ධ ශිෂ්ටාචාරය කෙටිසටහන් 4
- වර්ණ ධර්ම පිපිළිබඳ බෞද්ධ විචරය
- අග්ගඤ්ඤ සූත්‍රය ,චක්කවත්ති සීහනාද සූත්‍රය,අස්සලායන සූත්‍රය,අම්බට්ඨ සූත්‍රය,මධුර සූත්‍රය,වසල සූත්‍රය,වාසෙට්ඨ සූත්‍රය වැනි සූත්‍ර තුළින් වර්ණ ධර්ම ප්‍රතික්ෂේප කිරීම.
- දී.නි.අග්ගඤ්ඤ සූත්‍රය තුළින් චතුර්වර්ණ ප්‍රතික්ෂේප කිරීම හා හේතුඵලවාදීව චතුර්වර්ණයන්ගේ හටගැන්ම පෙන්වාදීම.
- දී.නි.චක්කවත්ති සීහනාද සූත්‍රයට අනුව කුල ක්‍රමය ඇතිවූ ආකරය පැහැදිලි කෙරේ.
- පොදු පරිහරණය සඳහා තිබූ දේවල් පෞද්ගලික පරිහරණයට ගැනීම මුල්ම අවස්ථවයි.
- ඒ හේතුවෙන් දුප්පත් පොහොසත් භාවය ඇතිවිය.
- දුප්පත් කම වැඩිවීම නිසා පුද්ගලයා සොරකමට හුරුවිය.
- සොරකම නිසා දඬුවම් කිරීමට සිදුවිය.
- දඬුවම නිසා බොරුකීම,කේලම් කීම,හිස් වචන කීම ආදිය වැඩිවිය.
- මේ නිසා සියලු දෙනා එකතු වී ජන සම්මතයෙන් හැඩි දැඩි පෞරුෂයක් ඇති අයෙකු පත්කරගැනීම.
- "මහා සම්මත "යනුවෙන් ඔහු හඳුන්වන්නට පෙළඹුණි.
- ඔහු විශාල කෙත් වතුවලට හිමිකම් කියූ අතර එබැවින් ක්ෂත්‍රිය නමින් හඳුන්වා ඇත.
- "...ඛෙත්තානං ආධිපතීති ඛත්තියෝ.."
- "...ධම්මේන පරේ රංජතීති රාජා"යනුවෙන් ක්ෂත්‍රියන්ගේ ප්‍රභවය බෞද්ධ විග්‍රයේ සඳහන් වෙයි.බමුණු මතය ප්‍රතික්ෂේප වී ඇත.
- "...බාහිත පාප ධම්මෝ බ්‍රාහ්මණෝ..." පව් බැහැර කළ බැවින් බ්‍රාමණ නම් වෙයි.
- "...විසුං කම්මං පයෝජේතීති වෙස්සා..."ගොවිතැන් ආදී විවිධ කර්මාන්තවල නියැළුණු බැවින් වෛශ්‍ය නම් විය.
- "...ඛුද්දා ලුද්දා සමාචරා සුද්දා..."දුසිරිත්වල නියැළුණු බැවින් ශුද්‍ර නම් විය.
- මීට අමතර්ව වර්ණ ධර්ම සාධක කිහිපයක් පදන්ම් කරගෙන ප්‍රතික්ෂේප කොට ඇත.
- ඓඓතිහාසික සාධක - අස්සලායන,අම්බට්ඨ
- ජීව විද්‍යාත්මක සාධක - වාසෙට්ඨ සූත්‍රය
- සමාජ විද්‍යාත්මක සාධක - අස්සලායන සූත්‍රය
- දේශපාලනික සාධක - මධුර සූත්‍රය
- ආචාර විද්‍යාත්මක සාධක - වසල සූත්‍රය
- මනෝ විද්‍යාත්මක සාධක - මධුර සූත්‍රය
- ආර්ථික සාධක - මධුර සූත්‍රය
ඉහත කරුණු තුළින් බමුණන්ගේ වර්ණ ධර්ම තර්කානුකූල ප්‍රතික්ෂේප කොට ඇත.ඉතිරි කොටස ඊළඟ පාඩමෙන් සාකච්ඡා කෙරේ.
Sunday, May 24, 2020
බෞද්ධ ශිෂ්ටාචාරය කෙටිසටහන් 3
- ත්‍රිවේදය
- ඍග්වේදය
- යජුර් වේදය
- සාමවේදය
- ත්‍රිවේදයේ ඉගෙනගැනීමේදී
- ත්‍රිවේදයේ ඇතුළත් වේද පාඨ ළයාන්විතව ගායනා කිරීම බමුණන්ගේ පිළිවෙතයි
- වේද පාඨ ගායනා කිරීම,කටපාඩම් කිරීම,ධාරණය කරගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි.
- වේද පාඨ ගායනා කිරීමෙන් මහා බ්‍රහ්මයාගේ ආශිර්වාදය ලැබීමෙන් සිතන පතන දේ ලබාගත හැකි බව බමුණන්ගේ මතයයි.
- "භාසිත මනුභාසන්ති"- බමුණන්ට අනුව අනුගාමිකයෝ ගායනා කරති.
- "වාචිත මනුවාචන්ති "- බමුණන්ට අනුව අනුගාමිකයෝ කියති
- ත්‍රිවේදයේ ඇතුළත් වේද පාඨ පරම පූජනීය බැවින් ඒවා අද්‍යයනය කළ හැකි වන්නේ උසස් කුලවල අයට පමණි.
- අනාර්යයන්‍ට වේද පාඨ ගායනා කිරීම,ඇසීම,ඉගෙනීම සම්පූර්ණ තහනම් විය.
- උදක පාරිශුද්ධිය
- ජලයෙන් පවිත්‍ර වීම උදක පාරිශුද්ධිය නම්වෙයි.
- ජලයේ කිමිදීමෙන් කළ පව් සේදීම බමුණෝ අපේක්ෂා කළහ.
- උදේ හා සවස යනුවෙන් දිනකට දෙවරක් මෙසේ ජලයේ කිමිදෙයි.
බෞද්ධ ශිෂ්ටාචාරය කෙටිසටහන් 2
- ආශ්‍රම ධර්ම
- බ්‍රහ්මචාරී යුගය
- ගෘහස්ථ යුගය
- වානප්‍රස්ථ යුගය
- සන්‍යාසී යුගය
- බ්‍රහ්මචාරී යුගය
- ශ්‍රේෂ්ඨ හැසිරීම බ්‍රහ්මචාරී නම්වෙයි.
- ජීවිතයේ කුඩා අවදිය මෙම යුගයට අයත් වෙයි.
- පූන නූල දැමීමත් සමඟ ළදරු කාලය අවසන් වෙයි.ඉන් පසුව බ්‍රහ්මචාරී යුගයට එළඹෙයි.
- පූන නූල දැමීමෙන් උපනයනයට පත්වෙයි.බමුණන්ගේ දෙවන උපත හෙවත් ද්විජ අවස්ථාව ලෙස හැඳින්වෙයි.
- ඉගෙනුම් කටයුතු ආරම්භ කිරීමට ආගමික සංස්කාරයන් අනුගමනය කරමින් ගුරුවරයා සමීපයේ ඉගෙනගත යුතුය.
- බ්‍රාහ්මණ වංශිකයන්ට වයස අවුරුදු 08න් ද,ක්ෂත්‍රියන් අවුරුදු 11න්ද වෛශ්‍යයන් අවුරුදු 12න් ද බ්‍රහ්මචාරී යුගයට පත්වෙයි.
- ඉගෙනීමේදී වේද අධ්‍යයනය අනිවාර්‍ය වෙයි.
- බ්‍රහ්මචාරී යුගයේ ප්‍රධානම කටයුත්ත වන්නේ ඉගෙනීමයි
- ගෘහස්ථ යුගය
- වයස 16න් ඉගෙනීම නිමා කරන පුද්ගලයා ගෘහස්ථ යුගයට එළ්ඹෙයි.
- ඉන්පසු ගුරු පඬුරු පුදකළ පසු "ස්නාතක" හෙවත් ස්නානය කළ අයෙකු බවට පත්වෙයි.
- මෙම යුගයේ ලෞකික ජීවිතයට අයත් අර්ථ,ධර්ම,කාම සම්පත් ලබාගත යුතුය.
- රැකියාවක නියතු විය යුතුය.
- විවහා වීම,අඹුදරුවන් පෝෂණය කිරීම අනිවාර්ය වෙයි.විවහා වීමේ අරමුණු රැසක් ඇත. එනම් යාග හෝම පැවැත්වීම,පියා ඇතුළු මුතුන් මිත්තන් වෙනුවෙන් යාග පැවැත්වීම,දරුවන් බිහිකොට පරපුර රැකගැනීම.
- බ්‍රහ්ම යඥය (මහා බ්‍රහ්මයා පිදීම)
- පිතෘ යඥය(පියා වෙනුවෙන් කළ යුතු යාගය)
- දේව යඥය(දෙවියන් වෙනුවෙන් කළ යුතු යාගය)
- භූත යඥය(භූත,සත්ව,පක්ෂීන් වෙනුවෙන් කරන යගය)
- පුරුෂ යඥය(මිනිසුන් වෙනුවෙන් කරන දම්දීම් ආදිය) ආදි යාගයන් මෙම යුගයේදී සම්පූර්ණ කළ යුතුය.
- වානප්‍රස්ථ යුගය
- වනයට පිවිසීම මෙම යුගයේදී සිදුවෙයි.
- තලතුනා යුගය ලෙස මෙම යුගය හැඳින්වෙවි.
- කළු කෙස් සුදු වන මෙම අවදියේදී සියලු බැදීම්වලින් නිදහස් විය යුතුය.
- බිරිඳ සමඟ හෝ තනිව හෝ වවනගත විය යුතුය.
- හෝම ගින්න නොනිවා රැකගත යුතුය.
- මෙම යුගයේ සම්පූර්ණයෙන් ආගමික අංශයන්ට නැඹුරු විය යුතුය.
- සන්‍යාසී යුගය
- ජීවිතයේ සැඳෑ සමය මින් අදහස්වෙයි.
- තැනින් තැන ගමන් කරමින් ආගමික කාර්යයේ යෙදිය යුතුය.
- අරණ්‍ය සෙනසුන්වලින් ඉවත්ව සැර්ටියත් තැටියත්,අමතර ඇඳුමක් පමණක් තබාගත යුතුය.
Saturday, May 23, 2020
බෞද්ධ ශිෂ්ටාචාරය කෙටි සටහන් 1
- වේද සාහිත්‍යයට අනුව ඉන්දිය ඉතිහාසය යුග හතරකට බෙදේ.
- වේද යුගය
- බ්‍රාහ්මණ යුගය
- අරණ්‍යක යුගය
- උපනිෂද් යුගය
- වේද යුගය යළි කොටස් හතරකට බෙදෙයි.
- ඍග්වේදය
- යජුර් වේදය
- සාම වේද
- අථර්වන් වේදය
- වේද යුගය තුළ දේවත්වයෙන් සැළකූ ස්වභාවික වස්තූන්
- චන්ද්‍ර (සදු)
- සූර්ය (හිරු)
- අග්නි (ගින්න)
- මරුත්(සුළග )
- පර්ජන්‍යා(වළාකුළු )
- මේඝ(අහස ගොරවන හඩ)
- විජ්ජු(විදුලි කෙටීම්)
මීට අමතරව ගංගා,ඇළ-දොළ,පර්වත ආදිය දේවත්වයෙන් සළකා ඇත.
- ඍග්වේදය තුළ බහුදේවවාදි ඇදහීමක් දක්නට ලැබෙන අතර මෙම යුගයේ ප්‍රධාන දෙවිවරු කොටස් 4ක් දක්නට ලැබෙයි.
- ආකාශස්ථ දෙවිවරු-හිරු,සදු ,තාරකා
- භූමස්ථ දෙවිවරු -ගින්න,ජලය,පර්වත,ගස් ගස්ගල්
- අන්තරීක්ෂ දෙවිවරු -වැස්ස,සුළග ,විදුලිය
- යාගයේ දී ප්‍රධාන පූජක කණ්ඩායම් 4ක් හමුවෙයි.
- යාගය සදහා දෙවියන්ට ආරාධනා කරන්නා-හෝතෘ
- වේද පාඨ ගායනා කරන්නා - උද්ඝාතෘ
- යාගයේ භාරකරු - අධ්වයර්‍යු
- යාගය කරන්නා- යඥකාර්ක
යනුවෙන් හඳුනාගත හැකිය.
- වේද යුගයෙන් පසුව ආරම්භ වන්නේ බ්‍රාහ්මණ යුගයයි.
- වේද යුගයේ එන බහු දේවවාදය වෙනුවට ඒක දේවවාදය ක්‍රියාත්මක වීම.
- ආගමික කටයුතු බමුණන් විසින් ක්‍රියාත්මක කිරීම.
- බල සම්පන්න වූ මහා බ්‍රහ්මයාවීම.
- සර්ව බලධාරී,සර්ව ව්‍යාපී,සර්වතෝ බද්‍ර,සර්වඥ යන නම්වලින් ඔහු හැදින්වීම
- නිර්මාණ වාදය,වර්ණ ධර්ම,ස්ව ධර්ම,යාගය,ත්‍රිවේදය,උදක පාරිශුද්ධිය,ආපද්ධර්ම වැනි ආගමික සංස්කාරයන්ට මුල් තැනක් ලැබීම.
- ඒක දේවවාදී යුගය ලෙස මෙය හඳුන්වන්නේය.
- වර්ණ ධර්ම
- බ්‍රාහ්මණ
- ක්ෂත්‍රිය
- වෛශ්‍ය
- ශුද්‍ර
- බමුණන්ට අනුව සමාජය බෙදී ඇති අයුරු
- බ්‍රාහ්මණ සමජය - මහා බ්‍රහ්මයාගේ මුඛයෙන්
- ක්ෂත්‍රිය සමාජය - මහා බ්‍රහ්මයාගේ දෙබාහුවලින්
- වෛශ්‍ය සමාජය - මහා බ්‍රහ්මයාගේ කලවාවලින්
- ශුද්‍ර සමාජය - මහා බ්‍රහ්මයාගේ දෙපතුල්වලින්
චතුර්වර්ණ බෙදීම්වලට අනුව සමාජ සංස්ථාව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි.
- ආර්ය
- අනාර්ය
ආර්ය ජනයා ලෙස හඳුන්වා ඇත්තේ
- බ්‍රාහ්මණ
- ක්ෂත්‍රිය
- වෛශ්‍ය
සමාජයේ සියලු වරප්‍රසාදයන් මෙම කොටස්වලට හිමි වූ අතර ශුද්‍රයන්ට මෙම කිසිදු අයිතිවාසිකමක් හිමිවුයේ නැත.ඔවුන් අනාර්ය සමාජයට අයත් විණි.
- ස්ව ධර්ම්
- බ්‍රාහ්මණ වංශිකයන්ට හිමි ස්ව ධර්ම
- ඉගෙනීම
- ඉගැන්වීම
- යාග කිරීම
- යාග කරවීම
- දන් දීම
- දන් පිළිගැනීම
2.ක්ෂත්‍රිය වංශිකයන්ට හිමි ස්ව ධර්ම
- ප්‍රජා පාලනය
- දන් දීම
- යාග කිරීම
- ඉගෙනීම
- කාමයේ නො ඇළී ක්‍රියා කිරීම
3. වෛශ්‍ය වංශිකයන්ට හිමි ස්වධර්ම
- සත්ව පාලනය
- දන් දීම
- යාග කිරීම
- ඉගෙනීම
- වෙළෙදාම
- මුදල් පොළී කිරීම
- කෘෂි කර්මාන්තය
- මෙම කිසිදු අයිතිවාසිකමක් ශුද්‍ර සමාජයට හිමිවුයේ නැත.ඔවුන්ට පැවති එකම කාර්‍යය වුයේ බ්‍රාහ්මණ,ක්ෂත්‍රි,වෛශ්‍ය,යන කුලවලට බැලමෙහෙවර කිරීමයි.
- ආපද් ධර්ම
- ඒ ඒ කුලවලට ආපදාවක් පැමිණි අවස්ථාවේ ඉහළින් සිටින කුලයන් පහළින් සිටින කුලවල කටයුතු කිරීමයි.බමුණන්ට ක්ෂත්‍රිය ,වෛශ්‍ය,යන කුලයන්හි කටයුතු කළ හැකිය. ක්ෂත්‍රියන්ට වෛශ්‍යයන්ගේ කටයුතු කළ හැකිය.වෛශ්‍යයන්ට ශුද්‍රයන්ගේ කටයුතු කළ හැකිය.ශුද්‍රයන්ට කිසිදු කටයුත්තක් කළ නොහැක .
Wednesday, May 20, 2020
බෞද්ධ ශිෂ්ටාචාරය A සාමාර්ථ්‍යයක් ලෙහෙසියෙන්ම ගමු
අ.පො.ස.(උසස් පෙළ ) බෞද්ධ ශිෂ්ටාචාරය
සදහා පෙනී සිටින ඔබ සැලකිය යුතු කරුණු කිහිපයක් .මේ ටික හොහොදින් තේරුම් ගන්න හැකිනම් A සාමාර්ථ්‍යයක් නිසැකයෙන් ලබාගන්න පුලුවන්
- ඔබට ප්‍රශ්න පත්‍රය ලැබුණු ගමන් පිළිතුරු සැපයීමෙන් වළකින්න.
- ඔබට අමතර කියවීම සදහා කාලය මි.10 හිමිවන බැවින් හොදින් ප්‍රශ්න පත්‍රය කියවන්න.
- ලිවීමට හැකි ඉතා ලෙහෙසි ප්‍රශ්න තෝරාගෙන තෝරාගත් ප්‍ප්‍රශ්නවලට ඉරක් ගසන්න.
- ලිවීමේදි කාලය පිළිබඳ මනා අවබෝධයෙන් සිටින්න
- මෙම ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් සමන්විත වන අතර I කොටසින් ප්‍රශ්න 2ක් ද II කොටසින් ප්‍රශ්න 3ක් ලිවීමට සිදුවෙයි.
- I කොටස ව්‍යුහගත ලෙසත් II කොටස රචනා ප්‍රශ්න ලෙසද හදුන්වයි.
- ව්‍යුහගත කොටසේදී දීර්ඝ පිළිතුරු අපේක්ෂා නොකරයි."හදුන්වන්න,නම් කරන්න,කෙටියෙන් දක්වන්න." යන විධානවලදී වැල්වටාරම් ලිවීම ඔබට ඉතා අවාසිදායකය.
- කාලය කළමනාකරණයේ දී ව්‍යුහගත කොටසේ(I කොටස) එක් ප්‍රශ්නයක් සදහා මිනිත්තු 35 ක් වෙන් කළ හැකිය.ඉන් එක් කොටසකට මිනිත්තු 7 අරගන්න.
- පළමු කොටස පැය 1යි.මිනිත්තු 10කදී අවසන් කළ යුතුය.
- II කොටසින් ප්‍රශ්න 03කට පිළිතුරු සැපේදී ඉන් එක් කොටසකට මිනිත්තු 18 වැය කරන්න.
- I කොටස=35x2=70
- II කොටස=18x6=108
- ඉතිරිවන්නේ මිනිත්තු 2කි.
- රචනා ප්‍රශ්න ලිවීමේදි "තුලනය කරන්න,සන්නිදර්ශනව පහදන්න,මූලාශ්‍ර ඇසුරින් විමසන්න යන විධාන හොදින් තේරුම් ගන්න ."
- රචනා ප්‍රශ්නයක්දී ලකුණු තීරණය වන්නේ ප්‍රමාණය අනුව නොව ඔබේ පිළිතුරේ ඇති ගුණාත්මක භාවය මතයි.
- පිළිතුරු සැසැපයීමේදී ප්‍රවේශය,හැදින්වීම් අවශ්‍ය නොවේ.කෙලින්ම අසන ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
- පාලි පාඨ ,ශ්ලෝක අනිවාර්ය නොවේ.පරීක්ෂකවරයාගේ අවධානය දිනාගැනීමට උපකාර වෙයි.
- අත් අකුරු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න.පරීක්ෂකවරයාට පහසු වන පරිදි ලිවීමෙන් ඔබට වාසිදායකය.
- ප්‍රශ්න අංක අදාළ කොටුවේ යොදන්න.අලුත් ප්‍රශ්නයක් සදහා අලුත් පිටුවක් ගන්න.
- ඔබ කපාහරින ලද සෑම ප්‍රශ්නයක් ම " කපාහරින ලදි යනුවෙන් පැහැදිලිව දක්වන්න."
- ඔබට ලකුණු ලැබෙන්නේ SMART ක්‍රමයටයි
- S=SPECIFIC (ගුණාත්මක භාවය )
- M=MEASURE (ප්‍රමාණවත් භාවය)
- A =ARCHIVE (අදාළ අරමුණට ළගාවීම)
- R = RELATIVE (ප්‍රශ්නය හා පිළිතුර අතර සම්බන්ධතාව )
- T = TIME (කාල කලමනාකරණය )
මෙම කරුණු හොදින් කියවා ඔබේ විභාග කටයුතු සදහා හොදින් මූණ දෙන්න.එය ඔබට මහත් පිටිවහලක් වනු නො අනුමානය.මීළඟ ලිපියෙන් බෞද්ධ ශිෂ්ටාචාරය ලියන දරුවන සදහා විෂය නිර්දේශය අනුකූලවම කරුණු ගෙන ඒමට බලාපොරොත්තු වෙමි
ඔබ සැමට තෙරුවන් සරණය!
Subscribe to:
Posts (Atom)